
(රංජිත් රාජපක්ෂ)
ප්‍රධාන පක්ෂයක අත්පත්‍රිකාවක් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ ආධාරකරුවෙකුට නාවලපිටිය ආසන සංවිධායකවරයෙකු පහරදෙන අයුරු එම වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි.
මෙම පහරදිම සිදුකර ඇත්තේ ඊයේ (15) උදැසන 11ට පමණය.
ආසන සංවිධායකවරයෙකු සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් සමඟ එම වෙලදසැල තුලට පැමිණ තරුණයාට අත්පත්‍රිකාවක් ලබා දී ඇති බවත් එම අවස්ථාවේ අත්පත්‍රිකාව ලබා ගැනීම තරුණයා ප්‍රතික්ෂේප කිරීම නිසා එයට උරණ වූ සංවිධායකවරයා තරුණයාට පහරක් එල්ල කර පසුව ඔහුගේ අතින් අල්ලා තර්ජනය කරන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබුණි.
තරුණයාට පහරදීමෙන් පසු සංවිධායකවරයා සමඟ පැමිණි එම පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් මැතිවරණයෙන් “අපි උඹ ගැන බලා ගන්නම්” යනුවෙන් පවසමින් තරුණයා තර්ජනය කර ඇත.
පහරකෑමෙන් පසු එම තරුණයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් වී ප්‍රතිකාර ලබා එම රෝහලේ පොලිසිය වෙත ඔහුගේ මතු ආරක්ෂාව උදෙසා පැමිණිල්ලක් කර අද (16) රෝහලෙන් පිටව ගොස් ඇත.
පහරකෑමට ලක් වු තරුණයාගේ වෙලදසැල අද(16) වසා දමා තිබෙන අයුරු දක්නට ලැබුණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම පැහැදිලියි - NPP සංවිධායකයොයි, අනුගාමිකයොයි තමයි මේ වගේ වැඩ කරන්නෙ.
ඔය පුතිපත්ති කරලා තියෙන්නේ යස අපුරුවට ... ඔය කිසිම එකෙකුට දෙන්න එපා කිසිම ජන්දයක්
ලංකාව සුරපුරයක් වේවි මෙවැනි හොරුන්, තක්කඩින්, අපතයින්, පාතාල කෙරුමෝ තවදුරටත් රාජ්‍ය පාලනයේ තියාගත්තහම ..
පක්ෂ යේ නමත් දැනගන්න තිබුන නම් තමා හොඳ. එතකොට හිතාගන්න පුලුවන් නේ මෙවැන් අයට බලය දුන්නොත් සාමාන්‍ය ජනතාවට මොනව වෙයිද කියලා.
මේ යුඑන්පි සංවිධායකට දැන් සැපද?
මෙම පහර දීම සිදු කර ඇත්තේ සමගි බලවේගයේ ආසන සංවිධායක වරයා වග වෙනත් පුවත් පතකින් දැන ගත්තෙමි.
අයියෝ සජිත්
ඇයි ප්‍රතිපත්තිය නිහඬ
ඉතාම හොදයි
ඊයා සජිත් ලැජ්ජයි හලෝ
ඇයි කියන්න බැරි සජිත්ගේ පක්ෂයේ කියලා
මේ පින්තූර නොබලාම සජබයියො බොරුවට ජාතික ජනබලවේගයට මඩ ගහනවා. සජබයියො ගහනවා පොටොවල තියනවා බැලුවොත් හොඳයි.
චූදිතයන් පැළඳ සිටින තොප්පියෙහි වර්ණය බලන්න
කැප් එක බලන්න කව්ද කියලා හිතාගන්න පුලුවන්
මේ පුද්ගලයට මහතා කියල තියෙන්නේ එයාගේ මහත හින්දද?