
(අතුල බණ්ඩාර නෙළුම්පත්ගම)
රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අමතරව රෝහලේ සංවර්ධනයට වෙහෙස මහන්සිය දරන වෛද්‍යවරුන් සහ සේවක සේවිකාවන් පිරිසක් මීගලෑව ප්‍රාදේශීය රෝහලේ දී අපට හමු විය.
මීගලෑව ප්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරී මහින්ද උයන්ගොඩ මහතාගේ උපදෙස් පරිදි වෛද්‍ය දිලිනී අබේවර්ධන, වෛද්‍ය චමීකා වික්‍රමසිංහ ඇතුළු අනෙකුත් වෛද්‍යවරුන් ද හෙද හෙදියන් සහ රෝහලේ සෙසු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ ද සහයෝගය ඇතිව ඔවුහු මෙම වගාවල නියැලෙති.
රෝහල් භූමියට ඇතුළු වන සියලු දෙනාගේ ගත සිත සනහාලමින් සොබා දහමට නැවුම් අත්වැලක් සපයමින් ඔවුන් මෙම භූමියේ පතෝල, තක්කාලි, රාබු, බීට්, බණ්ඩක්කා, කෙසෙල්, මිරිස්, මෑ ආදී වගා රැසක් සිදු කර තිබේ.
රාජකාරියට අමතරව ලැබෙන සෑම විවේක අවස්ථාවකදීම වගා කටයුතුවල ඵලදායිතාව වෙනුවෙන් කැපවීමට මෙහි සියලු සේවක සේවිකාවෝ කටයුතු කරති.
අනුරාධපුර දිස්ත්‍රික්කයත් කුරුණෑගල දිස්ත්‍රික්කයත් යා කරන මායිමේ කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වයඹ පළාතේ මෙම රෝහල පිහිටා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි, ඔයගොල්ලෝ කරන මේ වැඩේ අනික් රෝහල්වල ඉන්න අයටත් ආදර්ශයක් වේවා.
සුපිරි වැඩක්
මෙවන් ආදර්ශමත් උතුම් ක්‍රියා නිරන්තර අගැයීමට ලක් කළ යුතුයි . මේ වෙනුවෙන් ජනමාධ්‍ය කරන මේ අනුග්‍රහය ද අගය කළ යුතුයි . මෙවිට සමාජය තුළ මෙවන් යහ ක්‍රියාවන්ට උද්දීපනයක් ඇති වේවි .
ඒකට සමහර දොස්තරවරු. සල්ලි කිවුවොත් පැලෙයි.
ඉතාම හොඳ වැඩක්.... වගාව පුරුද්දක් කර ගත්තාම එකෙන් ලැබෙන මුදල් ප්‍රතිලාභ වලට මනසට ලැබෙන ප්‍රතිලාභ වැඩියි
ස්ථාන භාර වෛද්‍යවරුන් කුඩා කාලයේ සිට ඔය කටයුතු කරන්න ඇති. එහෙම අයට ඒ පුරුදු අත්හරින්න බැහැ. අනෙක් කටයුතු අඩු වෙලාවට වගා සංග්‍රාමය කරනවා. එයින් ඔවුන්ගේ සිත් නිරෝගිමත් වෙලා ගතත් නිරෝගිමත් වෙනවා. රටටත් සෙතක් වෙනවා.
මහින්ද උයන්ගොඩ සර් කියන්නේ හරිම නිහතමානී ඩොක්ටර් කෙනෙක් . එයා එක්ක කතා කලත් අසනීප සුව වෙනවා මිනිස්සුන්ගේ .අපේ රෝහලට වාසනාවට ලැබුනේ වෛද්‍යවරයෙක්