(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය මුහුදු මාවතේ හෝටලයක විදේශ ජාතික කාන්තාවන් යොදවා සිදුකරගෙන ගොස් තිබූ ගණිකා ජාවාරමක් වටලා තායි තරුණියන් පස්දෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි

එම ස්ථානයේ තිබී උපත් පාලන කොපු විශාල ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා විශේෂිත උපකරණයක් ද පොලිස් බාරයට ගෙන ඇත

ප්‍රභූ යැයි කියාගන්නා පැළැන්තියේ පුද්ගලයන්  නිරතුරුවම පැමිණෙන, කාන්තාවන් මුදලට අලෙවි කරන මධ්‍යස්ථානයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත

එහි සිටි තරුණියක් මිලදී ගැනීම සඳහා පොලිස් උපාය දූතයකු රුපියල් පහළොස් දහසක් ගෙවා ඇතුළු වීමෙන් අනතුරුව ලබා දුන්  සංඥාවකින් අනතුරුව වැටලීම සිදුකර ඇත

සංචාරක වීසා මත සහ රැකියා වීසා මත මෙරටට පැමිණ තිබූ තායි තරුණියන්  පස් දෙනාගෙන්  දෙදෙනෙකුට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පොලීසිය කියයි

අත්අඩංගුවට ගත් සුරූපී තරුණියන් වයස අවුරුදු 20 සහ 30 අතර පසුවන්නියන් බවත් පොලිසිය කියයි

සැකකාරියන් සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලීසිය වෙත භාරදී ඇත

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පරීක්ෂණ පවත්වයි