(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය මුහුදු මාවතේ හෝටලයක විදේශ ජාතික කාන්තාවන් යොදවා සිදුකරගෙන ගොස් තිබූ ගණිකා ජාවාරමක් වටලා තායි තරුණියන් පස්දෙනකු සහ කළමනාකරු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි
එම ස්ථානයේ තිබී උපත් පාලන කොපු විශාල ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා විශේෂිත උපකරණයක් ද පොලිස් බාරයට ගෙන ඇත
ප්‍රභූ යැයි කියාගන්නා පැළැන්තියේ පුද්ගලයන් නිරතුරුවම පැමිණෙන, කාන්තාවන් මුදලට අලෙවි කරන මධ්‍යස්ථානයක් තිබෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත
එහි සිටි තරුණියක් මිලදී ගැනීම සඳහා පොලිස් උපාය දූතයකු රුපියල් පහළොස් දහසක් ගෙවා ඇතුළු වීමෙන් අනතුරුව ලබා දුන් සංඥාවකින් අනතුරුව වැටලීම සිදුකර ඇත
සංචාරක වීසා මත සහ රැකියා වීසා මත මෙරටට පැමිණ තිබූ තායි තරුණියන් පස් දෙනාගෙන් දෙදෙනෙකුට ගුවන් ගමන් බලපත්‍ර පවා නොතිබූ බව පොලීසිය කියයි
අත්අඩංගුවට ගත් සුරූපී තරුණියන් වයස අවුරුදු 20 සහ 30 අතර පසුවන්නියන් බවත් පොලිසිය කියයි
සැකකාරියන් සහ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කොල්ලුපිටිය පොලීසිය වෙත භාරදී ඇත
පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පරීක්ෂණ පවත්වයි
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පැරණිම රැකියාව කළ තායි කතුන් 5ක් කොල්ලුපිටියෙන් අල්ලයි
Tomaa Saturday, 14 January 2023 11:08 AM
අල්ලන්න එපා ඉතින්. මේකත් ඕන කරන මිනිසුන් ඉන්නවානේ...
Kumara Saturday, 14 January 2023 12:34 PM
උපත් පාලන කොපු ළඟ තබා ගැනීම වරදක් ද? තහනම් භාණ්ඩයක් ද?
Nath Saturday, 14 January 2023 08:09 PM
Why police do not use same method catch drug dealers ????