තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් නිදහස් කරන්නේ, ඊශ්‍රායලය එරට බන්ධනාගාරවල සිටින පලස්තීන සිරකරුවන් සියලු දෙනා නිදහස් කරන්නේ නම් පමණක් යැයි හමාස් සටන්කාමීහු පවසති.
ඊශ්‍රායල රජය එසේ නොකරන්නේ නම්, ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් සියලු දෙනා ඝාතනය කිරීමට තමන් පසුබට නොවන බව ද හමාස් සටන්කාමීන් වැඩි දුරටත් පවසා තිබේ.
හමාස් සටන්කාමීන්ගේ මෙම ප්‍රකාශය, ඊශ්‍රායලයේ දැඩි කෝපයට හේතුවක් වී ඇත. ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ දකුණින් පිහිටි යූනිස් ඛාන් නගරය වට කරමින් දරුණු ලෙස පහර දීමට පටන්ගෙන ඇත්තේ ද මේ නිසාය.
පසුගිය ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන්, ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදී, ඊශ්‍රායලයේ සිට, 240 දෙනකු ප්‍රාණ ඇපකරුවන් ලෙස අල්ලාගෙන ගාසා තීරයට රැගෙන ගියේය.
දින කීපයකට පමණක් සීමා වූ සටන් විරාමය අතරතුරේ, ප්‍රාණ ඇපකරුවන් බොහෝ දෙනකුට නිදහස හිමිවිය. එසේ වුවත්, තවමත් 130 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව පැවැසෙයි. හමාස් සටන්කාමීන්, ඝාතනය කිරීමට සූදානම් වෙනවා යැයි පැවැසෙන්නේ එම 130 දෙනාය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ප්‍රාණඇපකරුවන් මරනවා - හමාස්