IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

පරාතේ  යනු  බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලින් ලබා ගත් ණය වෙනුවෙන් හිලව් වශයෙන් තබාගත් දේපළ වෙන්දේසි කිරීමට එම ආයතනයට බලය ලබාදීමේ  නීතියයි.

ලබනදෙසැම්බර් 15න් පසු කාලසීමාවේදී  පරාටේ නීතියට යටත්වූවන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මාර්ග සිතියමක් ලබාදීමටද  කමිටුව නිර්දේශ කළේය.

පරාටේ නීතියට යටත්ව බැංකු සමග ගනු දෙනු කළ සියලු පාර්ශ්වයන්ට බැංකු සමග සාකච්ඡා කිරීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ලෙස නිර්දේශ  කෙරිණ.

මේ අනුව ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට බැංකු විසින් ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා විධිවිධාන සැලසීම පිණිස 1990 අංක 4 දරන බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ නීතිය) දෙසැම්බර් 15 දින දක්වා තාවකාලිකව අත්හිටුවීම සඳහාවන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකරගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමතිය මෙසේ හිමි විය.

මේ සඳහා අනුමතිය හිමි වූයේ රජයේ  මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්  පාර්ලිමේන්තුවේදී පසුගිය 30 වැනිදා රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී මුදල් අමාත්‍යාංශය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් පැවසුවේ මේ මගින් තාවකාලික සහනයක් ණය හිමියන්ට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.



අදහස් (1)

පරාටේ නීතිය තහනමට මුදල් කමිටුවේ අනුමැතිය

swene Thursday, 02 May 2024 04:41 PM

විදුලිය විසන්ධි කිරීමත් ඒ වගේ. කිසිම හිතක් පපුවක් නැහැ. දින 45 ඉක්මවා නොගෙවූ බිල් සඳහා විසන්ධි කරනවා. කෙටි පණිවුඩ එවුවා කියනවා. දැන් ගෙවනවා කිවුවත් අහන්නේ නැහැ. මොහොතක් ඉවසන්නේ නැහැ. ආවොත් කපනවාමයි. ඉන් පසුව නැවත සම්බන්ධය දීමට මුදල් අය කරනවා. උන්ගේ අම්මලයි අප්පලයි දේපොළ වගේ අපට විදුලිය දෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site