
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාවට තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පාරට බහින්න ඉඩ දෙන්නේ නැති ආණ්ඩුව ඔවුනට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා කතිරය ගැසීමටත් අද ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
රනිල් වික්‍රමසිංහ ගහන සියලු දහම්ගැට පරාජයට පත් කරන බවද ඔහු කීවේය.
දිසානායක මහතා මෙසේ පැවසුවේ මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
ගේම් වලින් බලයට ඉන්න උත්සාහ දරන අගමැතිවරයා ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම ඉතිහාසයේ කුණු කූඩයට වැටෙන බවත් ජනතාවට එරෙහිව ගේම් ගැහුවොත් ජනතාවත් අනිවාර්යෙන්ම ගේම් එකක් දෙන්නේ යැයි ස්ථිර බවත් ඔහු පැවසුවේය.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙන අවස්ථාවක ඒකට අවහිර වෙන්න අලුත් නීති සම්මත කරනවා. ගෝඨාභය රාජපක්ෂට ව්‍යවස්ථාවේ බලතල ජනවරමකින් ලැබිලා තිබුණා. නමුත් ජනතාවගේ විශාල නැගිටීම් හරහා ඒ සියල්ල සුනුවිසුනු වී ගියා. මන්ත්‍රීවරුන්ට පඩි වැඩි කරන්න බැරිනම් සියයට 50 කින් අඩු කරන්න. අපි ඒකට එකඟයි. හරි අඩකින් බැරිනම් සියයට 75කින් අඩු කරන්න. අපි ඒකටත් එකඟයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කාලකන්නි අපතයින් එක්ක පාරට බැස්ස හැටි කවුරුත් දැක්කානේ .මේ අපත ජෙප්පෝ මෙලොවින් අතුගෑවිලා ගිය දවසට ලංකාව ගොඩ දාවි
ජනතාවට කතිරෙ ගහන්න අවස්තාව ලැබුනොත් මෙ රජයෙ ඇමතිවරුන්ටයි මන්ත්‍රිවරුන්ටයි පාරට එන්න බැරි ලෙසම කතිරෙ ගසයි. දැනටමත් එගොල්ලන්ට පොලිස් ආරක්ශාව නැතිව පාරට එන්න බැහැ.
ඔව් , ඔව් හරියට අර උතුරේ යුද්දය තියෙද්දී දකුණේ යුද්දය පටන් ගත්තු විදියට , මේ දේශප්‍රේමීන් රට ගැන හරියට හිතල ඒ කාර්ය කළා වගේ , කප්පාදුවට ගේම් එක ගහන්න , මිනුස්සු බඩගින්නේ මැරුණට කමක් නැහැ , තියාගෙන ඉන්න ෆයිල් ටික ඉක්මනටම ජනතාවට කන්න දෙන්න .
කිසිම දෙයක් තේරුම් ගන්න බැරි මොළය උඩ වාඩි වෙලා ලියන මේ තකතීරුවා. කතා කරන්නෙ පාර්ලිමේන්තුවේ ඉන්න තුනක් ගැන. මම කියන්නේ රටේ ඉන්න සමස්ථයක් අපත ජෙප්පෝ ගැන නුඹත් සමග.