(අංජුල මහික වීරරත්න)
අරගලය මුවාවෙන් ප්‍රචණ්ඩත්වය වැපිරූ පිරිසගෙන් පාර්ලිමේන්තුව අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය දේපළ බේරා නොගත්තා නම් මෙලෙස ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනැගීමට නොහැකි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අසීරු සහ අමිහිරි යුගයක් පසු කර රටක් ලෙස ඉදිරියට යන ගමනේදී නීතිය හා සාමය කඩවීමට ඉඩ නොතැබිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සෑම ක්ෂේත්‍රයකම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට සියලු පාර්ශ්වයන්ට වගකීමක් පැවරී ඇති බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි විශ්වවිද්‍යාල ආචාර්යවරු සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.
රට තුළ වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සහ ඒ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අදහස් සහ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටින අතර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඒ සඳහා කමිටුවක් ද පත් කර ඇති බවයි.
විභාග බර අඩු කරමින් පාසල් අධ්‍යාපනයේ සිදු කළ යුතු වෙනස්කම් පිළිබඳ රජයේ අවධානය යොමුව තිබෙන බව පැවසූ ජනාධිපතිවරයා විශ්වවිද්‍යාල පද්ධතියේද පරිවර්තන රැසකට මුල පුරා තිබෙන බවත් එළැඹෙන මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවක් යටතේ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ට ඔක්කොම තෙරෙන්න අරන් තියෙන්නේ දැන්.., ඡන්දය ළං වුණාම. ඡන්දයක් තිබ්බා නම් ජනතා බලය බලා ගන්න පුලුවන්.
සහතික ඇත්ත. දැන් ඉතුරුවෙලා තියෙන්නේ, දියවන්නාවේ ඉන්න ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගන්න එක විතරයි..!
මේ වගේ කෙනෙක් කියන ඒවා අහන්න තරම් මිනිස්සු මෝඩ නෑ...
ඒත් මහජන අරගලයට හේතු වූ රාජපක්ෂලාගේ ආර්ථික විනාශය ගැන නම් කවදාවත් පිනාගේ කටින් අහගන්න වෙන්නේ නැහැ...!
අපි බබ්බුයෑ ඕවාට රැවටෙන්න...
රජරට විශ්ව විද්‍යාලය සාර්ථකව ඉදිරියට ගෙනයාමට හැකිනම් ලංකාවේ අනෙක් විශ්ව විද්‍යාල අසාර්ථක වීමට හේතු සහ ඒවායේ පවතින ගැටළු විසඳීමට විශ්ව විද්‍යාල මගින්ම විසඳුම් සහ කටයුතු සිදුවිය යුතුවේ.. විශ්ව විද්‍යාල අසාර්ථක වීමට හේතුවක් නම් ඔවුන්ගේ (සියලුදෙනා සුන්ද ඇතුළුව) වගකීම සහ වගවීම හරිහැටි ඉටු නොවීම නිසාත් සහ එම නිසා පවතින ගැටළු විසඳීමට සියලු පාර්ශවයන් අධ්‍යාපනයට මූලිකත්වය ලබාදෙන්නේ නම් සිසුන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් තුළින් ඔවුන්ගේ විශ්වවිද්‍යාලය තුළ පවතින සියලු ගැටළු හඳුනාගෙන දෙපාර්ශවය විසින්ම "එක්ව සකස්කරනලද" ඒ සඳහා අවශ්‍ය විසඳුම් මොනවාද යන්න රජයට ඉදිරිපත් කිරීම තුළ සියලු දෙනාට පිළිගත හැකි මැද මාවතකට පැමිණීමට හැකියාව ඇත.
ඒක නොතිබෙන්න ඔතන ලොක්ක වගේ දොඩවන්නත් බැරිබව මතක තබාගන්න. අරගලය නොතිබෙන්න තමුන් කොහේද? රට අරගල වලට , දුප්පත් කමට, අල්ලසට, දූෂණයට පාර කපපු අයම දැන් අඟහරු ලෝකෙන් ආවා වගේ කියවනවා... තමුන්ගේ කයිවාරුව විදියට වැඩ තියෙනවා නම් ඇමැතිට හොර බෙහෙත් වලට චෝදනා එන්නේ ඇයි?