(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ පරිගණක ආධාරක ඉගැන්වීම අරමුණු කරගනිමින් ඉ - ඉගෙනුම් සම්පත් නිර්මාණය කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා දකුණු කොරියානු ජනරජය ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක (රුපියල් කෝටි 546ක) සහනදායී ණයක් ලබාදීමට එකඟතාවය පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ ද්විතීක අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිකිරීම, ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණ හැකියාව වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන සිසුන් ඇතුළුව සියලුම සිසුන්ට අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආධාර නොවේ. එකත් ණයක්. දොළ පිදේනි දීලා ඉවරඋනාම වැඩේට කියක් ඉතුරුවේද ?
කොරියාවෙන් ලැබෙන ණය අරගෙන එරටේ නිපදවන පරගණක ගන්න ඔනේද?