(ක.ග.කරුණාරත්න) 

නොකඩවා පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය මේ වනවිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි වාරිමාර්ග නිලධාරීහු පවසති.

එහි ජල මට්ටම එහි උපරිම ධාරිතාව වන අක්කර අඩි එක් ලක්‍ෂ දහසය දහස දක්වා ඉහල යෑමෙන් පසුව ජලාශයේ වාන් දොරටු 10 අඩි 01 බැගින් විවෘත කිරීමට පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.

එමගින් තත්පරයකට ඝන අඩි 1400ක ජල ප‍්‍රමාණයක් පිටතට ගලායන බව පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අංජන අබේසිංහ මහතා ප‍්‍රකාශ කලේය.

එම පිටාර ජලය අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට එක්වන බවද ඒ මහතා කීය.