(ක.ග.කරුණාරත්න)
නොකඩවා පවතින අධික වර්ෂාව හේතුවෙන් පොලොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය මේ වනවිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි වාරිමාර්ග නිලධාරීහු පවසති.
එහි ජල මට්ටම එහි උපරිම ධාරිතාව වන අක්කර අඩි එක් ලක්‍ෂ දහසය දහස දක්වා ඉහල යෑමෙන් පසුව ජලාශයේ වාන් දොරටු 10 අඩි 01 බැගින් විවෘත කිරීමට පියවර ගත්බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
එමගින් තත්පරයකට ඝන අඩි 1400ක ජල ප‍්‍රමාණයක් පිටතට ගලායන බව පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අංජන අබේසිංහ මහතා ප‍්‍රකාශ කලේය.
එම පිටාර ජලය අඹන්ගඟ ඔස්සේ මහවැලි ගඟට එක්වන බවද ඒ මහතා කීය.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
පරාක්රම රජුගේ ධනස්කන්දය උතුරා යයි
ඩඩ්ලි Sunday, 05 February 2023 01:37 PM
එක කාලෙක නම් පරාක්‍රම සමුද්‍රය පිටාර මට්ටමට ගොඩක් කලින් වාන් දොරටු ඇරියා.. හේතුව වැව් රක්ෂිතයේ හාල්මෝලා හදපු හෝටලේ යටවෙන නිසා... තාම එව්වා එහෙම වෙනවාද දන්නෑ.