
( නිශාන්ත කුමාර)
ගංජා අලෙවියේ නිරතව සිටි බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අලෙවි කිරීම සඳහා සකස් කරන ලද වියළි ගංජා සමඟ ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේ දී අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව ගලඋඩ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හාපත්ගමුව විදුලි වැටේ ආරක්ෂකයේ සහායකයකු සහ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයකු බව කියයි.
සැකකරු ගංජා අලෙවියේ නිරත වන බවට පොලිසිය වෙත ලද තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදී මෙම පුද්ගලයා ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ගල උඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් බෝ පැළයක්. ලොකු පැළ පොඩි පැළ සජබ මුලස්ථානයෙන් නොමිලේ ඕන කෙනෙකුට ගන්න පුලුවන්.
සජබේ, පොහොට්ටුවේ, එජාපෙ නම් ඉතින් නියමම කට්ටිය ඉන්නේ. ඒ අයගේ ආණ්ඩුවක් තිබුණ නම් පොලිසිය මෙහෙම වැඩ කරලා ඉවරයි.
මේ මගේ ව්‍යාපාරයයි. මේ මගේ පක්ෂයයි. අපි සමගියෙන්.
සාර්ථක නමවැනි මාලිමා වාසනාවන්තයා. කෝ මේ හෝදන ඩෝබිලා?