(යොහාන් භාසුර)
නව රැකීරක්ෂා පනතින් මෙරට සියලුම වෘත්තීන්හී ගරුත්වය ආරක්ෂා කිරීම සඳහා වෙනම පරිච්ඡේදයක් හඳුන්වා දෙන බවත් එමගින් දැනට වෘත්තියක් ලෙස නිසි ගරුත්වයක් නොලැබෙන සියලුම වෘත්නීන්ට නිසි පිළිගැනීමක් ලැබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
අදාල වෘත්තීන්වල වෘත්තීය තත්වය වර්ධනය කිරීමට අදාල ප්‍රමිතීන් ගැසට් පත්‍රයක් හරහා නිකුත් කර රෙගුලාසියක් ලෙස බලාත්මක කිරීමට එමගින් බලයක් හිමිවන බවත් නව රැකීරක්ෂා පනත මෙරට සියලුම වෘත්තීන්හී නියැලෙන පිරිසට සුරක්ෂිත වීමට අවාකශය හිමිවන බවත් අමාත්‍යවරයා කීය.
‘ගරු සරු’ වැඩසටහන යටතේ පෙර පාසල් ගරුවරියන් සමඟ ඔවුන්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම සහ වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම් පිළිබඳව පැවතී සාකච්ඡාව අතරතුරදී අමාත්‍යවරයා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd