(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,යාපනය ඒ නවය මාර්ගයේ කනදරාව ආසන්නයේ මාර්ගයේ නිදා සිටි 23 හැවිරිදි පුද්ගලයෙකු හප්පා මරණයට පත්කොට පලාගිය වාහනයේ රියදුරා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන කටයුතු ආරම්භ කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කැකිරිකන්ද,මැදවච්චිය යන ලිපිනයේ පදිංචිව සිටි දිමුතු ප්‍රියන්ත කුමාර(23) නැමති පුද්ගලයෙකි.
මිය ගිය පුද්ගලයා මෙදින රාත්‍රි එකළොහට පමණ පා පැදියකින් මැදවච්චිය නගරයේ සිට සිය නිවසට යමින් සිටියදි පා පැදිය කනදරාව ආසන්නයේ මාර්ගය අයිනේ නවතා පාර මැද නිදා ගෙන ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ මිහින්තලේ සිට යාපනය දෙසට ගමන් ගනිමින් තිබු රෝද හතරේ වාහනයක් මියගිය අයගේ හිස මතින් ධාවනය කිරිමේ හේතුවෙන් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුවිමේ හේතුවෙන් මිය යන්නට ඇති බව මුලික පරික්ෂණයේදි අනාවරණය වු බවද පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද... රියදුරා අත්අඩංගුවට ගන්නේ? ඕන පොඩි කෙනෙකුට තේරෙනවා නේද වැරැද්ද පාර මැද නිදාගත්තු එකාගේ කියලා...!
පාරමැද නිදාගන්නේ අහවල් එකකටද?
පාරේ මැද නිදාගෙන සිටිද්දී වේගයෙන් පැමිණි වාහනයක් හප්පා ගෙන හෝ යටකරගෙන යන්න ඇත්තේ අධික බියෙන් වෙන්න පුළුවන්... මොකද ඔය වෙලාවේ මංකොල්ලකාරයෝ ඔහොම ඉඳලා වාහනය නැවැත්තුවාම සුද්ධයක් දෙනවා. කොහොමත් කෙනෙකුට පාරමැද බුදියන්න බැහැ. මට හිතෙන්නේ වාහනය පැදවූ කෙනා වරදක් නොකළා කියලා තමයි. මොකද තමන්ගේ පාපැදිය අයිනෙන් තියලා පාර මැද්දේ බුදියන්නේ මොකටද? මොකක් හරි නොහොඹිනා වැඩක් කරන්නම වෙන්න ඕනෑ...
මේ අයට නිදාගන්න වෙන තැනක් තිබුණෙම නැද්ද? අනිවාර්යයෙන්ම මොහු මත්වතුර හෝ අයිස් හෝ ගහලා පාරේ නිදා ගන්න ඇත්තේ...
පාපැදිය පාර අයිනේ මිනිහා පාර මැද?
කවුරු හරි මේ මනුස්සයාව මරලා පාරට දැම්මද කියන්න බැහැ.. නැතිනම් සාමාන්‍ය සිහිකල්පනාවක් තිබෙන කෙනෙක් මෙහෙම පාර මැද නිදාගන්නේ නැහැ.
අමුතු දේ සිදුවන මුතු ඇටේ...
ඔහු නිදාගෙන සිටි බව හෝ කවුරුන් හෝ ඔහුව පාරට දමා වාහනය ඔහුගේ හිසමත ධාවනය කළ බව පොලිසිය දන්නේ කෙසේද? එයා බීලද නැද්ද කියලා බැලුවාද?
ඔබතුමාට නිවන්සුව ලැබේවා.!