IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාරේ නිදා සිටියදී යට කරගෙන ගිහින්

(දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර,යාපනය ඒ නවය මාර්ගයේ කනදරාව ආසන්නයේ මාර්ගයේ නිදා සිටි 23 හැවිරිදි පුද්ගලයෙකු හප්පා මරණයට පත්කොට පලාගිය වාහනයේ රියදුරා අත්අඩංගුවට ගැනිම සදහා විමර්ශන කටයුතු ආරම්භ කොට ඇතැයි මැදවච්චිය පොලිසිය කියයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ කැකිරිකන්ද,මැදවච්චිය යන ලිපිනයේ පදිංචිව සිටි දිමුතු ප්‍රියන්ත කුමාර(23) නැමති පුද්ගලයෙකි.

මිය ගිය පුද්ගලයා මෙදින රාත්‍රි එකළොහට පමණ පා පැදියකින් මැදවච්චිය නගරයේ සිට සිය නිවසට යමින් සිටියදි පා පැදිය කනදරාව ආසන්නයේ මාර්ගය අයිනේ නවතා පාර මැද නිදා ගෙන ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේ මිහින්තලේ සිට යාපනය දෙසට ගමන් ගනිමින් තිබු රෝද හතරේ වාහනයක් මියගිය අයගේ හිස මතින් ධාවනය කිරිමේ හේතුවෙන් ඔහුගේ හිසට බරපතල තුවාල සිදුවිමේ හේතුවෙන් මිය යන්නට ඇති බව මුලික පරික්ෂණයේදි අනාවරණය වු බවද පොලිසිය පැවසිය.

 



අදහස් (12)

පාරේ නිදා සිටියදී යට කරගෙන ගිහින්

ප්‍රියනන්දන Sunday, 08 October 2023 01:48 PM

මොකටද... රියදුරා අත්අඩංගුවට ගන්නේ? ඕන පොඩි කෙනෙකුට තේරෙනවා නේද වැරැද්ද පාර මැද නිදාගත්තු එකාගේ කියලා...!

:       2       69

Chaminda Sunday, 08 October 2023 07:58 PM

රියදුරා කොපමණ නිවැරදි වුවද, මිනිසෙකු අනතුරකින් මියගිය හොත් විමර්ශන අවසන් වන තෙක් රියදුරු අත්අඩංගුවට ගැනීම නීතියක්. පදිකයා නිවැරදි යැයි විමර්ශන වලින් තහවුරු වෙනතුරු රියදුරු වැරදිකරු වේ. ලංකාවේ පමණක් නොව අනිත් රටවලත් එහෙමයි. ඒකට හේතුව මාර්ග නීති ගැන අවබෝධය ඇත්තේ රියදුරාට මිස පදිකයාට නොවේ.

:       3       4

Bamunuarachchi Tuesday, 10 October 2023 07:16 PM

චමින්ද පාරමැද බුදියගත්තු කෙනාගෙයි, පදිකයාගෙයි වෙනස තේරෙන්නේ නැද්ද? 1. පදිකයා කියන්නේ පයින් ඇවිදින්නා කියන අරුත මිසක් පාර මැද බුදියන්නා කියන එක නොවේ. 2 පදිකයාටත් පාරේ නීතීරීති ගැන අවබෝධයක් තිබිය යුතුයි. අපි පාසල් යන්න පටන් ගත්තු අවදියේම ගෙදරින් පාසලෙන් ඒ ගැන අවබෝධයක් දුන්නා. පාර මාරුවීමට නියමිත තැන්වලින් පාරදෙපැත්ත බලලා මාරුවෙන්න, පාරේ දකුණු පසින් යන්න, පේව්මන්ට් එක තිබෙනවා නම් ඒකේ යන්න කියා කියලා දුන්නා. ඔබ ගිය ඉස්කෝලේ හෝ ගෙදර කියාදී නැති හැඩයි...!

:       0       0

Rawana Sunday, 08 October 2023 01:49 PM

පාරමැද නිදාගන්නේ අහවල් එකකටද?

:       1       63

අබිලින් Sunday, 08 October 2023 01:56 PM

පාරේ මැද නිදාගෙන සිටිද්දී වේගයෙන් පැමිණි වාහනයක් හප්පා ගෙන හෝ යටකරගෙන යන්න ඇත්තේ අධික බියෙන් වෙන්න පුළුවන්... මොකද ඔය වෙලාවේ මංකොල්ලකාරයෝ ඔහොම ඉඳලා වාහනය නැවැත්තුවාම සුද්ධයක් දෙනවා. කොහොමත් කෙනෙකුට පාරමැද බුදියන්න බැහැ. මට හිතෙන්නේ වාහනය පැදවූ කෙනා වරදක් නොකළා කියලා තමයි. මොකද තමන්ගේ පාපැදිය අයිනෙන් තියලා පාර මැද්දේ බුදියන්නේ මොකටද? මොකක් හරි නොහොඹිනා වැඩක් කරන්නම වෙන්න ඕනෑ...

:       2       66

de silva berlin Sunday, 08 October 2023 02:18 PM

මේ අයට නිදාගන්න වෙන තැනක් තිබුණෙම නැද්ද? අනිවාර්යයෙන්ම මොහු මත්වතුර හෝ අයිස් හෝ ගහලා පාරේ නිදා ගන්න ඇත්තේ...

:       1       52

SISIRA Sunday, 08 October 2023 03:01 PM

පාපැදිය පාර අයිනේ මිනිහා පාර මැද?

:       1       34

sarath Sunday, 08 October 2023 06:33 PM

කවුරු හරි මේ මනුස්සයාව මරලා පාරට දැම්මද කියන්න බැහැ.. නැතිනම් සාමාන්‍ය සිහිකල්පනාවක් තිබෙන කෙනෙක් මෙහෙම පාර මැද නිදාගන්නේ නැහැ.

:       0       5

dupul Sunday, 08 October 2023 07:10 PM

අමුතු දේ සිදුවන මුතු ඇටේ...

:       1       13

Jay Sunday, 08 October 2023 07:11 PM

ඔහු නිදාගෙන සිටි බව හෝ කවුරුන් හෝ ඔහුව පාරට දමා වාහනය ඔහුගේ හිසමත ධාවනය කළ බව පොලිසිය දන්නේ කෙසේද? එයා බීලද නැද්ද කියලා බැලුවාද?

:       3       16

සමන්තාMonday, 09 October 2023 07:52 AM

මේ අදහසෙත් වැදගත් කමක් තියෙනවා පොලෝසියේ ඇත්තන්ගේ අවධානයට ගත්තා නම් හොදයි නේද

:       0       3

Udhuli Sunday, 08 October 2023 11:44 PM

ඔබතුමාට නිවන්සුව ලැබේවා.!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site