(ඉන්දිකා රාමනායක)
මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ දී අද (11) අලුයම එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයකින් පියෙකු සහ දියණියක තුවාල ලබා ඇතැයි මුල්ලේරියාව පොලිසිය පවසයි.
පියා සහ දියණිය යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මෙම ඇසීඩි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකු ලෙසින් මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ පියා කොළඹ අක්ෂි රෝහලේ ද, දියණිය කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ද ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව ලොකෙ භයානකම රටක් වෙන්න වැඩි දවසක් යන එකක් නෑ වගෙ. 2005 ඉදල රටෙ විනය පහලටම ගන්නව. කලකන්නි රාජපක්ශල මෙ තත්වෙට මුලිකවම වගකියන්නෙ.