IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පෙර අය කළ වරද මං කරන්නේ නෑ

(අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථිකය පිළිබඳ සත්‍ය අවබෝධ කර නොගෙන බලය ගැනීමට දුන් දේශපාලන පොරොන්දු නිසා  ජනතාවට දැඩි පීඩා විඳින්නට සිදු වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම වරද කරන්නට තමා සූදානම් නැතැයි කී ජනාධිපතිවරයා සත්‍යයට මුහුණ දෙමින් රටට සුබවාදී අනාගතයක් ගොඩනගා ගැනීමට සියලුදෙනා කටයුතු කළයුතු බව කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි “යුනයිටඩ් යූත්  තරුණ එකමුතුව “ තරුණ අපේ අනාගතය” නමින් සංවිධානය කළ සුහද හමුවට එක්වෙමිනි.  තැප්රොබේන් ඒන්ටර්ටේට්මන්ට්හීදි ඊ ෙය් (12) මෙම හමුව පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කීවෙි  රටේ ආර්ථිකය ගොඩනැගීමේදී කඩිනමින් අපනයන ආර්ථිකයකට යොමු විය යුතු බවයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ තරුණියන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටි අතර, ඔවුන්ගේ ප්‍රශ්න ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබිණි.



අදහස් (11)

පෙර අය කළ වරද මං කරන්නේ නෑ

Nimal Wednesday, 13 March 2024 04:19 PM

කළ වැරැදි මොනවා දැයි දැනගැනීමට ඡන්දයක්ම පවත්වන්න.

:       23       46

පිටරටවැසියා Wednesday, 13 March 2024 04:28 PM

ඒකනේ, මෙතුමා අතින් කිසිම වරදක් වෙලා නැහැනේ...

:       15       35

Aravinda Monarawila Wednesday, 13 March 2024 04:51 PM

2015 සිට 2019 දක්වා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් බිලියන 12ක් අධික පොලියට ණයට අරගෙන සැප වින්දේ අපිද? 

:       20       41

duminda Wednesday, 13 March 2024 05:11 PM

එතකොට මෙතුමා පෙර හිටියේ නැද්ද?

:       18       39

චන්දන Wednesday, 13 March 2024 05:25 PM

වාඩිවෙලා ඉන්න පුටුවෙන්ම ඒක පේනවා...

:       16       35

විජිත් Wednesday, 13 March 2024 05:50 PM

ඔබ හරි, මේ වගේ හොර මිනීමරු බොරුකාරයෙක්ට වාඩිවෙන්න ගෝනියක් බිම එලලා දෙන්න කොන්ද පන තියෙන කවුරුත් හිටියේ නැතිද ඔතන?

:       16       28

පිටරටවැසියා Wednesday, 13 March 2024 05:53 PM

අසරණයි මා අද දිනේ..., වැරැදි නෑ කළේ පෙර දිනේ...

:       13       28

විජිත් Wednesday, 13 March 2024 05:58 PM

රනිල් ඔයා බබා, පෙර අයකරපු වැරැදි මෙයා කරන්නේ නැහැයිලු. අගමැති වෙලා 6 පාරක් හිටියේ කොහේද? ඔබ ජනාධිපති නොවෙයි, හොරු 134 විසින් පත්කරගත්ත පිනෙක් පමණයි. යාලුවත් එක්ක එකතුවෙලා මහබැංකුවට කෙලලා, යාළුවාව මගුල් ගෙදරක යනවා කියලා රටෙන් පන්නලා... කරපු ඇට්ටර වැඩ අපි නොදන්නවා නොවෙයි... ඔහොම යමුකෝ. තව මාස කීයද..? හැබැයි රනිල්, ඔයාට රටෙන් නම් පැනලා ගිහින් ඉන්න තැනක් මේ ලෝකේ නැහැ..., ඔබව කවුරුත් ඒ රටවලට බාරගන්නේ නැහැ. මතකයි නේද ගෝඨාභයට වුණු දේ? ඔබට ඉන්න සිදුවෙන්නේ බෝගම්බර බලු කුඩුවේ !!!

:       16       33

Athula Wednesday, 13 March 2024 11:46 PM

එහෙනම් පළමුව මහ බැංකුවෙන් කොල්ල කාපු මහා ධනය දෙන්න. ඊළඟට මහා පරිමාණයේ කූඨ ජාවාරම් කාරයින්ට දීපු බොල් ණය නැවත අරගන්න. රාජපක්ෂ හොර නඩේ මංකොල්ල කාපු ධනය නැවත ගන්න ඕනෑ.. පුළුවන්ද කරන්න.. තව ඉන්නවා ලොකු නඩයක් හොරු... ඒවා පස්සේ...!

:       1       2

dileepa1986 Thursday, 14 March 2024 08:28 AM

එතකොට ලොක්කා අස්වැසුම කියලා අර නිකම් බෙදන්නේ මොනවද?

:       1       3

mg චන්ද්‍රනායක Friday, 15 March 2024 03:53 PM

වසර 45 ක් පාර්ලිමේන්තුවේ අගමැති එකක් කළා. ජේ.ආර්.ගේ සහ ආර්.ප්‍රේමදාසගේ රජයේ ප්‍රබල ඇමතිවරයෙක්. ඒ කාලේ ආසියාවේ ලොකුම පුස්තකාලයේ පොත් අනූ පන්දාහක් ගිනි තිබ්බා. ලක්ෂයක් විතර මැරුණ යුද්ධයකට ඒක මූලාරම්භක සිද්ධියක් වුණා. ඔය කරපු පව් පරම්පරා හතකට පල දෙනවා. දැන් හොඳටෝම ඇති. ජනතා ප්‍රසාදය බලාගන්ඩ ඉක්මන් ඡන්දයක් තිබ්බා නම් හොඳයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site