IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘පයිනස් රටින් ගෙන්වා කෝටි 480 ක් කා දමලා’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

භාවිතා කළ හැකි පයිනස් දැව මෙරට තිබියදී  පසුගිය වසර තුනේදී රුපියල් කෝටි 480 කට වැඩි වටිනා  පයිනස් දැව මෙරටට  ආනයනය කිරීම සම්බන්ධයෙන්  පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු  ආංශික අධීක්ෂණ කාරක සභාවේ  දැඩි අප්‍රසාදය පළවිය.  

දැව සදහා භාවිතා කළ හැකි තත්වයේ පවතින පයිනස් ගස් බිම්  හෙක්ටයාර් 1200ක් පමණ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කැලෑවලද පයිනස්   හෙක්ටයාර් 1764 ක් පමණ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ ඇති කැලෑවලද  පවතින බවට  තොරතුරු  අනාවරණයවූයේ යැයි කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.

සාමාන්‍යයෙන් පොදුවේ  කෝටි 900 කට වැඩි  වටිනා  දැව දඬු වර්ෂයකදී මෙරටට ආනයනය කෙරෙන බවද  ඔහු සඳහන් කළේය.
දළ වශයෙන් වසර 18 කට පමණ ප්‍රමාණවත් පයිනස් දැව මෙරට ඇති බවද  එම   කාරක සභාවේදී තොරතුරු     හෙළිවිය.                                                           
 
 

 



අදහස් (4)

‘පයිනස් රටින් ගෙන්වා කෝටි 480 ක් කා දමලා’

Lalla Sunday, 10 September 2023 10:38 AM

දේශපාලන වැඩට කොමිස්.... දැව ආනයනය කරන්න පොඩි උන්ට බෑ.

:       0       0

චින්තක Sunday, 10 September 2023 12:09 PM

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ නිර්දේශ නොමැතිව දැව ආනයනය සදහා බලපත්‍ර නොදුන්නොත් ඔය .නාස්ති අඩුවෙන්න පුළුවන් ඒ ඒවායේ කට්ටිය නිර්දේශ කිරීම නිකම්ම නිකම්ම කරයි කියලා තමයි බයක් තියෙන්නෙ

:       0       0

Perakum Sunday, 10 September 2023 12:36 PM

දැඩි අප්‍රසාදය පලකරලා නිකං හිටියාම හරිද? වැරැදි කරුවන්ට දඬුවමක් නැද්ද?

:       0       0

de silva Sunday, 10 September 2023 08:12 PM

ඕවා කැලෑවල තිබුණට මිලදී ගන්න බැහැනේ..?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site