(සුමිත් පොතුපිටිය)

කළුතර පයාගල ඈතගම ග්‍රාම නිලධාරී වසම් දෙකකට නිල ඡන්ද කාඩ්පත් 900ක් පමණ නොබෙදා ළඟ තබාගත් බව කියන තැපැල්කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරි කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

පයාගල, ඈතගම ප්‍රදේශයේ ග්‍රාම නිළධාරි වසම් දෙකකට නිල ඡන්ද කාඩ්පත් නොලැබුණු බවට එම ගම්මානයේ ජනතාව කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරැව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

එම ඡන්ද පත් තැපැලකරු දින 11ක් තිස්සේ සිය සන්තකයේ තබාගෙන සිටියදී සොයාගෙන ඇත.

පයාගල , ඈතගම නැගෙනහිර සහ බටහිර ග්‍රාම නිළධාරි වසම් වලට අයත් ජනතාවට මෙසේ ඡන්ද පත් ලැබී නැත.

කළුතර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පයාගල උප තැපැල් කාර්යාලයට එම ඡන්ද කාඩ් ලැබී ඇත්තේ පෙරේදා ( 18) උදෑසන බවත්, කැමති අයවළුන්ට තැපැල් කාර්යාලයට පැමිණ ලබාගත හැකි බවත් දැන්වා ඇත.