(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුක්මල්ගම ප්‍රදේශයේ පිය පුතු දෙපළක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පියා කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් මව සහ පුතා බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි මව (32) සහ පුතා (19) බව පොලීසිය කියයි .
මොවුන් අතර කලක සිට අවස්ථා කීපයකදී බහින්බස් වීම් සිදුවී ඇති අතර එක් අවස්ථාවකදී පියා පුතාට පහර දීමේ සිද්ධියක් ද වාර්තා වී තිබුණි .
එම සිද්ධිය පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කිරීම සම්බන්ධයෙන් උරණව සිටි පියා විටින් විට පුතා සමඟ ආරවුල් ඇතිකර ගන්නා බව පැවසේ.
මේ අතර දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුව ඇති අතර එහිදී දෙපාර්ශ්වය අතර ගැටුමක් හටගෙන පසුව පියා අත තිබූ තියුණු ආයුධයකින් පුතාගේ හිසට පහර දී කැපුම් තුවාල සිදුකර තිබුණි.
එය වැළැක්වීමට ඉදිරිපත් වූ බිරිදගේ ද මුහුණෙහි සහ අතෙහි කැපුම් තුවාල ලබා තිබේ. ඒ අනුව බරපතළ තුවාල ලැබූ පුතා සහ මව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හිසට තුවාල ලැබූ පුතා ශල්‍යකර්මයකට යොමු කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
2025 දෙසැම්බර් මස 18
542
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාගෙන්, බිරියට සහ පුතාට කඩු පහරක්
සිසිල් සුදේශ් Friday, 09 June 2023 08:58 AM
"රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි මව (32) සහ පුතා (19) බව පොලීසිය කියයි." අම්මට වයස 13 දී පුතා හම්බවෙලා තියෙන්නේ...?