(විමුක්ති සංජය පෙරේරා)
රිදීමාලියද්ද දීරියගම කිරිහිලිවැල්ල ප්‍රදේශයේ 36 හැවිරිදි පුද්ගලයෙකු සිය බිරිද සහ අවුරුදු දෙක හමාරක දරුවාද රැගෙන යතුරුපැදියෙන් ගමන් කරමින සිටියදී යතුරුැදිය පෙරැලි සිදු වූ අනතුරින් දරුවා මිය ගොස් ඇතැයි රිදීමාලියද්ද පොලීසිය කියයි.
මරණයට පත්ව ඇත්තේ කිනිහිරිවැල්ල ,දීරියගම යල්වෙල පදිංචි අසාන් සන්දිප නම් අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකි.
යතුරු පැදියෙන් කුඹුරට යන අවස්ථාවේදි දෙමෝදර වැවේ ඇල බන්ට් ඒකට ආසන්නයේ බෑවුම් ප්‍රදේශයකදි යතුරු පැදිය පාරෙන් ඉවතට පැන අනතුරට මෙම අතුර සිදුව ඇත.
යතුරුපැදියේ ටැංකියේ හිඳුවාගෙන ගොස් ඇති අවුරුදු දෙක හමාරක දරුවා අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියෙන් විසිවි ගොස්ඒ හේතුවෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
දරුවාගේ පියා සහ මව තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි රිදීමාලියද්ද පොලිසිය පවසයි .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පියා පැදවු යතුරුපැදිය පෙරැලී දරුවා මරුට
Bunny Preena Tuesday, 27 June 2023 10:56 AM
පොඩි පවුල් වල ගමන් බිමන්වලට පහසුම මාධ්‍ය තමයි යතුරු පැදිය .අඩුම ගණනේ බයිසිකලය අත හැරලා දරුවාව අල්ලගන්න තිබුනා.දරුවට හෙල්මට් එකක්වත් දාලා නැතිද.දෙමවුපියන්ගේ නොසැලකිලිමත් කම නිසා කිරි සප්පෙකුගේ ජීවිතය හමාර උනා