(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 295 දෙනෙකු අද (11) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල හමුව ඇති බවත් මින් 39 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම අත්තනගල්ල කොට්ඨාසයෙන් - 32 ක්,  වත්තල  - 30 ක්,  දොම්පෙ  - 26 ක්,  සීදූව - 25 ක්,  මීරිගම  - 24 ක්,  මහර - 23 ක්,  ගම්පහ  - 22 ක්,  කටාන  - 21 ක්,  කැලණිය  - 18 ක්,  ජාඇල  - 15 ක්,  දිවුලපිටිය සහ මීගමුව  - 7 දෙනෙකු බැගින්,  මිනුවන්ගොඩ  - 4 ක් සහ රාගම කොට්ඨාසයෙන් දෙදෙනෙකු වශයෙන් සිදුව ඇත. කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයින්  27 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකකින් ආසාදිතයින්  - 17 ක්, බියගමින් - 7 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව තිදෙනෙකු වශයෙනි.

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,847 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.