(ෂේන් සෙනෙවිරත්න )
පාසල් යන වයසේ පෙම් යුවළක් උපකාරක පන්තිය හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටිදි පෙම්වතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණියගේ මව පියා සහ පියාගේ මිත්‍රයකු කටුගස්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
කටුගස්තොට ප්‍රදේශයම ප්‍රධාන පෙළේ පාසල් දෙකක ඉගෙනුම ලබන මෙම 17 හැවිරිදිසිසුවා හා 18 හැවිරිදි සිසුවිය තම පාසල ආසන්නයේම ඇති පෞද්ගලික උපකාරක පංතියක දේශන හමාර වීමෙන් පසු ඒ අසළ පාළු මාවතක ගමන් කරමින් සිටියදී සිසුවියගේ පියා තවත් මිතුරෙකු සමග මෝටර් රථයකින් පැමිණ සිසුවා හා තම දියණිය මෝටර් රථයට නංවාගෙන කටුගස්තොට යටිවාවල ප්‍රදේශයේ ඔවුන්ගේ නිවසට රැගෙන ගොස් තිබේ.
සිසුවියගේ මව පියා සහ මිතුරා එක්ව එම සිසුවාට පහරදී තර්ජනය කොට නැවත නිත්තවල ප්‍රදේශයේ පිහිටි සිසුවා ගේ නිවසට පැමිණ සිසුවා භාරදී ඇති බව පොලිසිය සඳහන් කළේය.
සිසුවාට පහරදුන් බවට සිසුවා දෙමව්පියන්ට පැවසීමෙන් පසු සිසුවා පෙරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර කටුගස්තොට පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස් විමර්ශන අරඹා තිබේ.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතියගේ පියා පෙම්වතා උස්සයි
ලුම්බිණි Wednesday, 31 May 2023 08:48 AM
ඒ තාත්තට උපහාරය ! ඇටෙන් පොත්තෙන් එලියට එනකොටම පටන්ගන්නවා පෙම් කොරන්න. ඊළගට පොඩ්ඩ එහා මෙහා වුනොත් පින්තූර ලීක් කරනවා කියනවා, ඇසිඩ් ගහනවා, මරනවා. ඇටිකිචි පෙම්වත්තු