(එස්.ඩී.කොඩිකාර )

පවතින අධික වර්ෂාව හේතුවෙන් දෙණියාය ගල්පොත්තහේන, කොළවෙණිගම  නිවසක මඩුවක නවතා තිබූ ත්‍රී රෝද රථයකට අද පස්වරු 3.00 ට පමණ විශාල කලු ගලක් පෙරළී පැමිණ දැඩි අලාභ හානි සිදුවී ඇතැයි පොලිසිය කියයි.

මෙම විශාල ගල උග්ගල් කොත කන්දේ සිට මීටර් 300 ක් පමණ ඉහළ සිට පෙරළී පැමිණ ඇති අතර ත්‍රී රෝද රථයේ විශාල කළුගල ගැටී නැවතී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරයි.

කළුගල පෙරළී නැවතී ඇති ප්‍රදේශය අවට නිවාස රැසක් තිබෙන අතර ජීවිත රැසක් අනූනවයෙන් බේරී ඇතැයි ද ප්‍රදේශවාසීන් පවසයි.