
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දේශපාලන පක්ෂයක මහ ලේකම් තනතුරුක් හොබවන පාර්ලිමේන්තු මන්ත්‍රීගේ නීතිඥ පුතකු සිය පෙම්වතිය සමග බම්බලපිටිය ප්‍රදේශයේ මෝටර් රථයක කතබහ කරමින් සිටියදී පාපැදියකින් පැමිණි පුද්ගයකු මන්ත්‍රී පුතාගේ බෙල්ලට පිහියක් තබා තර්ජනය කර රුපියල් 1,60,000 වටිනා සුදු රත්තරන් මාලයක් සහ රුපියල් 3000ක් පැහැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
සැකකරුගෙන් මුලින්ම මුදල් ඉල්ලා ඇති අතර මුදල් නොමැති බව පැමැසීමෙන් පසු ඉනේ ගසාගෙන තිබූ උල්පිිහියක් එළියට ඇද මන්ත්‍රී පුතාගේ ගෙලට තබා තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරුව ඔහු මුදල් පසුම්බිය පැහැරගෙන එහි තිබූ සුදු රත්තරන් මාලය සහ මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබූ රුපියල් 3000ක මුදලක් පැහැගෙන ගොස් ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙම්වතියයි කියනා තරුණියගේ සැලැස්මක් වත්ද ?දැන් කාලේ කාවවත් විශ්වාස කරන්න බැහැ
අයියෝ! මදිනෙ ගත්ත
අයියෝ...දයා. පුතාට අප්පට සිරි වෙලානේ...!
දේශපාලුවන් මහජන මුදල් කොල්ල කාලා හම්බ කරන එකේ ඔවුන්ගෙන් මංකොල්ල කෑවාට මොකෝ... දැන් බම්බලපිටිය පොලිසියේ පළමු රාජකාරිය මේ සොරා ඇල්ලීම... නැත්නම් දේශපාලන බලපෑම් පොලිසියේ අයට...