IMG-LOGO

2025 ඔක්තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා


පැමිණි බසයට යටවී තරුණියක් මරු දකියි

(කේ බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ අවිස්සාවේල්ල උක්වත්ත සුසාන භූමිය ඉදිරිපිටදී තමන් පැමිණි බස් රථයටම යට වීමෙන් 23 හැවිරිදි තරැණියක අද (25) දින සවස මියගොස් ඇතැයි අවිස්සාවේල්ල ⁣මූලස්ථාන පොලිසිය පවසයි.

මිය ගිය තරුණිය අවිස්සාවේල්ලේ සිට අදාල බස් රථයේ පැමිණ උක්වත්ත සුසාන භූමිය අසලින් බැස ඉදිරියට යාමේදී පිටුපසින් පැමිණි එම බස් රථයටම යට වීමෙන් මියගොස් ඇතැයි සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රගතිපුර පදිංචිකාරියක වන දොලවගේ දෝන ඩිලක්ෂි දිල්ෂිකා නමැති 23 හැවිරිදි තරැණියකි.

මියගිය තරැණියගේ දේහය අවිස්සාවේල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය හෙට (26) දින පැවැත්වීමට නියමිත වේ.

අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (4)

පැමිණි බසයට යටවී තරුණියක් මරු දකියි

Bunny Preena Monday, 26 June 2023 09:24 AM

කාගේ හරි නොසැලකිලිමත් කම නිසා තරුණ ජීවිතයක් නැති උනා .රියදුරුට නින්ද ගිහින් තරුණිය යටකරගෙන ගියාද?එහෙමත් නැතිනම් තරුණිය හදිසියෙන්ම මාර්ගයේ දකුණු පස බලන්නේ නැතුව පනින්න උත්සාහ කළා වත්ද ?මාර්ගයේ බොහොම ප්‍රවේසමෙන් සහ බොහොමත්ම අවධානයෙන් කල්පනා කාරීව යා යුතුයි

:       1       8

Shan Weerasiri Monday, 26 June 2023 01:26 PM

බස් රේස් යන කොට මගියො බහින එක ඩ්‍රයිවර්ලට මතක නෑ.සමහරු ෆෝන් එක කනේ ගහගෙන බස් පදවාන්නෙ.මනුස්සයින් නිරපරාදෙ ජීවිතවලින් වන්දි ගෙවනව.

:       0       6

Udhuli Monday, 26 June 2023 03:20 PM

දුරකථන තරුණ ජීවිත වල මාරයා ......ඔබතුමියට නිවන්සුව පතමු!

:       0       2

M.H.Deeganatha Friday, 30 June 2023 10:25 AM

බස් රථ රියැදුරන් ඒවා ධාවනය කරන්නේ ඉතාමත්ම නොසැලකිලිමත් ලෙසයි. ඒවායෙහි, විච්චූරණ, ඉදිරිපස වීදුරුව පුරවාද ඇත. ආගම්, දේවාල, මල් වඩම්, ඔවුන්ගේ පඩික්කම් සඳහා ද්‍රව්‍ය ආදිය තබන්නේද ඉදිරිපිට දර්ශනයට අවහිර වන පරිදිමයි. පොලිසිය, බස් සංගම්, බස් රථ හිමිකරුවන් මේ කිසිවෙකුත් මෙවැනි දෑ වළක්වාලීමට දැනුමක් හෝ නොමැති බැවින් මෙවැනි අකල් ජීවිත හානිවලට හේතුවයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1653 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1401 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 500 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site