(ඉන්දිකා රාමනායක , ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය සහ ඩී.ජී. සුගතපාල)
දෙනියාය පල්ලේගම ප්‍රදේශයේ දී අද පස්වරුවේ හිමිනමක තියුණු ආයුධයකින් පොලිස් කොස්තාපල්වරයකුගේ ගෙල ප්‍රදේශයට එල්ලකළ පිහි පහරකින් තුවාල ලබා කරාපිටිය රොහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ දෙනියාය පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි (37) හැවිරිදි විවාහක කොස්තාපල්වරයකු බවත්, ඔහුගේ තත්ත්වය බරපතල හේතුවෙන් දෙනියාය රෝහලින් කරාපිටිය රොහලට මරුකර ඇති බවද පොලිසිය පවසයි.
මෙම කොස්තාපල්වරයා හිමිනමගේ 20 හැවිරිදි වැඩිමහල් සොහොයුරිය සමග සම්බන්ධයෙනක් පවත්වාගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අද පස්වරු 1.00 ට පමණ දිවා සංචාරයේ යෙදී සිටින අතරතුර කොස්තාපල්වරයා ඉහත තරුණියගේ නිවසට ගොස් ඇති බවත්, එහිදී හිමිනම ඇමැතුමක් ලබා දෙමින් සුක්ෂම ලෙස පොලිස් කොස්තාපල්වරයා පල්ලේගම ගංගොඩඩපාරේ වැඩිහිටි නිවාසය ආසන්නයට ගෙන්වාගෙන ඇති බව පොලිසිය පවසයි.
එම ස්ථානයේ දී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදුව ඇති බවත් බහිස්බස්වීම අතරතුර හිමිනම ඔහුගේ මල්ලේ සඟවාගෙන සිටි පිහියෙන් කොස්තාපල්වරයාගේ ගෙල ප්‍රදේශයට පිහිපහර එල්ල කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබු කොස්තාපල්වරයා දෙනියාය රෝහලට ඇතුළත් කර ඇති අතර, කොස්තාපල්වරයාගේ තත්ත්වය බරපතල හේතුවෙන් ඔහු කරාපිටිය රෝහලට මාරුකර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් හිමනම් පිහිය ද සමග අත්අඩංගුවට ගෙන ඇත . මෙලෙස අත්ඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන (18) හැවිරිදි හිමිනමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදුන් වහන්සේගේ කාලේ "පාණාතිපාතා වේරමණී ..."...
මගේ පෙම්වතිගේ සහෝදරයෙකුත් දැන් මහණවී පන්සලක නායක හාමුදුරුවෝ. නමුත් උන්වහන්සේ ඉතාමත් කාරුණික කෙනෙක්. මේ වගේ නෙවෙයි...
මේවගේ අයට ඔයවගේ දඬුවම් සැර මදි...!
සිවුර තමයි ප්‍රශ්නය. නැතිනම් විවාහක එකෙක් තම සොහොයුරියකට කරන්න හදන මේ අලුගුත්තේරු වැඩේ සහෝදරයෙක් නිහඬව බලා ඉන්නේ නැත. මේ පොලිස්කාරයා අමතක නොවන දඬුවම් විඳිය යුතුයි. මේ හාමුදුරුවෝ සෝවාන් වෙලා නැත. පෘතක්ජන ගති තිබෙනවා. මගේ සමාව ලැබෙනවා.
37 හැවිරිදි විවාහක පොලිස් කොස්තාපල් කෙනෙක් අවුරුදු 20 ක තරුණියක් සමග පෙම් සබදතාවක් පවත්වා ඇති බව කියවෙනවා .ඇත්තටම මේ පොලිස්කාරයා මේ කෙල්ල අනාත කරන්න සිතාගෙන ඉන්න ඇති .සාමනේර හිමියන් දුරදිග හිතන්න පුළුවන් වයසක නැහැ මම නම් හිතන්නේ තමන්ගෙ අක්කාගෙ අනාගතය බේරාගැනීමට සාමනේර හිමියන් කලේ නිවැරදි දෙයක් කියලා තමයි .මෙවැනි පොලිස් කාරයො පොලිසියේ ගෞරවය නැති කරනවා කිව්වොත් වැරදි නැහැ