(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)

අවුරුදු දහ නවයක් වයසැති තරුණියක් සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියමින් චෝදනා කර පනස් පස් හැවිරිදි පුද්ගලයකු  අල්ලා ගස් බැඳ පහරදී ඝාතනය කළේ යැයි කියන පුද්ගලයින් හයදෙනෙකු යාපනය, චුන්නාකම් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ ඝාතනය කර ඇත්තේ  එම් ජෙයදාස් නැමැති චුන්නාකම් , ආරුමුගම් වීදියේ පදිංචි අයෙකි.

මෙම පුද්ගලයා සමග  ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බව කියන  තරුණියට ද මෙම සැකකරුවන් විසින් පහර දීම නිසා තුවාල ලබා තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම 19 හැවිරිදි තරුණියගේ ඥාතීන් යයි පොලීසිය කියයි.මෙම සැකකරුවන් අවුරුදු 23, 24 ,32 ,48,  48 සහ49  යන වයස්වල පසුවන අය වෙති.