(යොහාන් භාසුර)
රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අද (4) පැවසීය.
ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් වීරසිංහ මහතා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ වැඩක්
මී හරක්ටත් බදු ෆයිල් එකක් තියන ලෝකයේ එකම රට සිරි ලංකාව වෙද්දී කාටද ආඩම්බර..? "කන්න නැතත් ඉන්න රටක්" ඕනෑ කියලා දැඟලුවේ කට කහනවාට නෙවෙයිනේ... පාලකයින්ට සින්දු, සෙත්කවි කියපු එකේ ප්‍රතිඵල ඇඟට දැනෙද්දී ඇතිවන දේශප්‍රේමී හැඟීම ගැන නම් කියලා වැඩක් නැහැ... මම මේ නොදන්නා නිසයි අහන්නේ, "හලාල් කෑම" දැන් නැත්තේ හලාල්වලට වැඩියෙන් බදු ගහලා හින්දාද..? ඒ කාලේ වඳ කොත්තු කාලා වඳ වුණු අය, දැන් බඩගින්නට වඳ වෙලා වගෙයි වැඩි සද්දයක් නැත්තේ...!
වාහනයක් ගන්න සියළු දෙනාම ආදායම් බදු ගෙවීමට තරම් ආදායමක් නැති අය බවත් සිහියට ගත්තොත් හොඳයි... එහෙම ආදායමක් තියෙනවා නම් ලීසිං කරන්න අවශ්‍ය නැහැ... රටේ පොදු ප්‍රවාහනය විධිමත් කරලා කාර්යක්ෂම කරනවා නම් මෙතරම් පුද්ගලික වාහන මිනිස්සුන්ට අවශ්‍ය නැහැ... ආණ්ඩුවට මේවා තේරුම් ගන්න අවශ්‍යතාවයක් නැහැ. දුම්රිය ධාවනය හොඳම උදාහරණය...!