
(අංජුල මහික වීරරත්න සහ යොහාන් භාසුර)
විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති අතර පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය.
නව ජනන සැලැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විදුලිබල මණ්ඩලයට මේ වන විට අලුතින් සේවකයන් බඳවා ගැනීම නවතා තිබෙන අතර සේවක දිරි දීමනා සහ උසස්වීම් කාර්ය සාධනයට අනුව සිදු කිරීමට නියමිත බව කී රාජ්‍ය අමාත්‍යවරයා විශ්‍රාම වැටුප් සහ අර්ථසාධක එලෙසම ක්‍රියාත්මක බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිද? රාජ්‍ය ඇමැතිද? බාලගිරි දෝසෙ... ඇමැතියා කිව්වා නේද ජනවාරියේ අඩුකරනවා කියලා...?
මොන මාසේ, මොන බිල අඩුකෙරුවත් වැඩක් නැහැ... ඊළග ඡන්දයෙන් අපි ඔබලා සේරම ගෙදර යවනවා... ඒකට ලැහැස්තිවෙලා හිටපල්ලා...
වැඩි කරනකොට අද මධ්‍යම රාත්‍රීයේ සිට. අඩු කරනකොට ලබන අවුරුද්දේ. මුන් කාටද මෙහෙම බොරු කරන්නේ. මිනිස්සු ගොන්නු කියල හිතාගෙන ඉන්න. වැඩ බැරි අමන පාලකයෝ
දැනගැනීමට තිබෙන පරිදි මහජක උපයෝගිතා කොමිසම අසාධාරන ලෙස විදුලි ගාස්තු ඉහල දැමීම අනුමතකර ඇති අතර එය නිවැරදි කිරීමට ගාස්තු අඩුකරනවා මිස ජනතාවට සහනයක් දීමට අඩු නොකරන බවයි.
තොපිලා තටමලා තටමලා රු.50 හෝ 100 ඕක අඩුකරයි .ඕකත් තොපිලා තියාගනිල්ලා හැත්ත
ඊළග ඡන්දයෙන් අපි ඔබලා සේරම ගෙදර යවනවා... ඒකට ලැහැස්තිවෙලා හිටපල්ලා...
අසාධාරණ ලෙස වැඩි කරපුබිල 200% වත් අඩු කරන්න ඕනෑ... සැපයුම් පිරිවැය 6000 වන බිලට 9000 අය කරනවා... කලුකඩේට දෙවැනි නැහැ.. කොහොම වුණත් ඔබලා ගෙදර යැවීම අනිවාර්යයි.
ස්තාවර රටක් සැවොම එක මගක්, ආච්චිගේ රෙද්ද තමයි, කරපු හරිය පේනවානේ දැන්...!
මාස 4ක් තිස්සේ ජලාශ පිරී උතුරන්න වහිනවා... විදුලිබිල අඩු කරන්න මතක් වුනේ දැන්ද? විදුලිය ඉදිරි මාසවල නිකන් දුන්නත් ඔබලාට ඡන්දෙ නොදෙන බව මතක තබාගන්න... ඉදිරි මාස 10 ඇතුළත ඡන්දෙකින් බැරි නම් උද්ඝෝෂණයකින් ඔබලා බලයෙන් පහකර සුදුසු දඬුවමක් දෙනබව සිතට ගන්න...