
(පද්මසිරි ගාර්දියවසම්)
අපි දෙසැම්බර් මාසයේ අතුරු අයවැයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වන විට නව අයවැය ලේඛනයක් ඉදිරිපත් කරනවා. එම අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිකිරීම පිළිබඳව අවධානය යොමු කරනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තංගල්ලේදී අද පැවසීය .
ජනාධිපතිවරයා මෙලෙස අදහස් පළකළේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ජාතික ජන බලවේගයේ මංගල ප්‍රචාරක රැළිය අමතමිනි .
තංගල්ල මහජන ක්‍රීඩාංගණයේ මෙම රැළිය පැවත්විනි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය .
ආරම්භයක් වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථිකය ස්ථාවර කිරීම. අප එය ඉටුකලා. අපි ඉදිරිපත් කරන අයවැයෙන් පාසල් දරුවන්ට දීමනාවක් ලබා දීම ගැන අවධානය යොමු කරනවා .
එසේම දිළිදු ජනතාවට දුබලතා ඇති පුද්ගලයන්ට ලබා දෙන එලඹෙන අයවැයෙන් අපි සහතික වශයෙන් වැඩිකරනවා.
අපේ රටට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. එය නිර්මාණය කිරීමේ ප්‍රධානම වගකීම තිබෙන්නේ අපට. ආණ්ඩුවේ නායකයන් හැටියට එයට අපේ කැපවීම පෙන්වන්න ඕනෑ . අපට බලවත් ආණ්ඩුවක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවේ බලවත් වෙන්න ඕන වගේම නියෝජනය කරන කණ්ඩායමේ ගුණාංගවලින් බලවත් වෙන්න ඕනෑ .පියවරෙන් පියවර මේ රට ශක්තිමත්ව ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම අපි බාර ගන්නවා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි වැඩිවීම් , නිකම් දීම් නෙවෙයි. ණ්ය ගන්න එක නතර කරලා දේශීය නිෂ්පාදනය වැඩි කරලා රටේ ආදායම වැඩීකිරීමට මුල් තැන හිමි විය යුතුයි. නැත්නම් ඉතින් පරණ ක්‍රමයම තමයි
වැඩ කරන්නේ නැති හොරා කන උන්ට පඩි වැඩිකරන, පඩි ගෙවන එකම රට.
රනිල් මහත්තයාත් තැපැල් ඡන්දය පෙනි පෙනී පඩි වැඩිකළානේ රාජ්‍ය සේවකයින්ගේ. මිනිසුන් තණකොළ හෝ පුන්නක්කු ආහාරයට ගන්නේ නැහැ. ජනප්‍රිය ගතානුගතික අනුවණ දේශපාලන හැසිරීම් පෙන්වන්න එපා. තලුමර මර වේදිකාවේ කීව දේවල් දැන් ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන්න කරුණාකරලා .
ලංකාව කවදාවත් ගොඩයන පාටක් පේන්න නෑ.
මෙයත් සූර පප්පා චරිතය රඟපානවා... දැන් බලය අතේ තියෙන්නේ එන්න කලින් කිවේ ආ විගස රජයේ සේවකයින්ට 15000 දෙනවා කියලා නේද? දැන් කියනවා පෙබරවාරියේ පඩි වැඩිකිරිමක් කරන්න හිතන් ඉන්නවාලු... මහ ඡන්දේ ගන්න බොරුව...!
ඇවිල්ලා මාසෙන් ආර්ථිකය ස්ථාවර කළාද? සුපිරි කොල්ලෙක්නේ ඔයා. තව මොනවද මෙයා, ඔයා මේ මාසෙන් කරපු මැජික්...?
එක පැත්තකින් වැඩපොළ - කාර්යාලවලට ගිහින් රජයේ සේවකයින් අමතා ඔවුන්ගෙන් අවංක සේවයක් ඉල්ලා සිටිනවා. අවංක අය කැපවෙන අය දිරිගැන්වීමේ කතා කියනවා. අනික් පැත්තෙන් ඔවුන්ගේ වැටුප වැඩිකිරීමේ බලාපොරොත්තු ඉහළ දැමීමේ කතා කියනවා. සෑම පැත්තෙන්ම පතුළට බැහැපු රටක් එකවර ගොඩගන්න බැහැ. සියල්ලම අවංක වෙලා වැඩකරමු. නාස්තිය අවම කරමු. ඔහොම ගිහින් බලමු.
අපට දුක මේ ආණ්ඩුවත් කලින්ම ගෙදර යන වගක් තමයි! අපේ අවසන් බලාපොරොත්තුවත් ඉවරයි! නිකං පහසුවෙන් ජීවත්වෙන රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන ලක්ෂ තිහක් විතර අයට පඩි වැඩිවීම් දෙන්නේ කොහොමද? තව ඒ මදිවට පාසල් සිසුන්ටත් දීමනාවක් දෙනවාලු! මේවා මේ රටට ඔරොත්තු දෙනවාද? අනේ මන්දා අපේ අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි...!!!
ඔන්න ආයෙමත් තැපැල් ඡන්දයට ගන්න පොරොන්දුව අමූලික බොරු... බොල් වී වපුර වපුරා යනවෝ... මෝඩ රජයට කඩේ යන අය ගැන අහන්නේ රෑ වැටුණු වලේ දවල්ට වැටෙනවා කියලයි. මෙයා බලාගෙන ඉන්න ජනවාරි දෙන්න බැරිවුණු එකේ මේන් කියලා පෙබරවාරි දෙනකන්. අනේ ඔබලා වගේ හාල් ගිනිගණන් නිසා පුන්නක්කු බුදින හරක් රැළක්.
කයියනායකගෙන් ඉල්ලන්නේ ජනාධිපතිවරණයේ කයිය ගහලා දුන්නු පොරොන්දු ටික ඉටුකරලා එන්න. නැතිනම් කෙළවා ගන්න තමයි වෙන්නේ...!
කාර්යක්ෂමතාවය ගැනත් හිතන්න වෙයි. විශේෂයෙන්ම වැඩනොකර කාර්යාලයේ නිකන් කාලය ගතකරන අය ගැන.
මේ රටේ ජනතාවට පොඩි හරි මොලයක් තියනවා නම් තේරුම් ගන්න ඕනෑ. කිසිම සහනයක් බඩු මිල අඩුවීමක් ලැබෙන්නේ නැහැ. පරිප්පු ඇතුලු අත්‍යාවශ්‍ය භාන්ඩ වලට තිබුණු බදු දීර්ඝ කිරීමෙන් ඒක පැහැදිලි වෙනවා. රනිල් කළදේම කරනවා. මිනිස්සු පව්.
කිව්වා කියලා මතක තියාගන්න. ඔය කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේ මහ ඡන්දේ වියදම් පළාත් පාලන මැතිවරණ වියදම් හොයන්නත් ජනතාව පිට බදු... ජනතාව කලින් හිටියාට වඩා පීඩනයට පත්වෙනවා.
පඩි වැඩිකරන්න ඉස්සෙල්ලා ඔවුන්ගේ රාජකාරිය කරලා තියෙන විදිහ බලන්න.
පින්බත් බෙදීම නවත්තන්න. වැඩකර උපයන්න සක්‍රීය වයසේ සියලුම දෙනාට බලකරන ක්‍රමවේදයකට රට යොමුකර සහනාධාර කප්පාදු කිරීමට ඉඩ දෙන්න. අනෙක දරුවන්ගේ බර දෙමාපියන් දැරිය යුතු නොවේද? බෝකිරීම වෘත්තීය කරගත්ත අය සමාජය විනාශ කිරීමට හේතුවක් මිස රටට සමාජයට සේවයක් නොවන බව පැහැදිලියි.
රාජ්‍ය සේවකයින්ට වැටුප් වැඩි කිරීම , සහනාධාර ලබාදීම වැනි දේ සිදු කිරීමට වඩා දෙකෝටි විසි ලක්ෂයක රටේ සමස්ත ජනතාවටම සහන සැලසෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අනුර කුමාර දිසානායක රජය පියවර ගත යුතු බව සමස්ත ජනතාවගේ මතය වී ඇත. වත්මන් ජනාධිපතිවරයා තෝරා පත්පත්කර ගැනීම සිදුකොට ඇත්තේ හිටපු පාලකයින් මෙන් එක් එක් කොටස් සතුටු කිරීමට නොව සමස්ත ජනතාව වෙනුවෙන් සෙතක් සැලසෙනු ඇතිය යන අපේක්ෂාවෙන් බව සඳහන් කර සිටිමි. සමස්ත ජනතාවටම සෙත සැලසෙන පරිදි ජීවන බර අඩු කිරීමට රජය පියවර ගත යුතු අතර එසේ නොකොට එක් එක් කොටස් සතුටු කිරීමේදී ඊට රටේ සමස්ත ජනතාවගේ බදු මුදල් යෙදවීමට සිදු නොවන්නේද? වත්මන් පාලකයා පිළිබඳ දැඩි විශ්වාසයක් හා බලාපොරොත්තුවක් බහුතර ජනතාව තුළ පවතින බැවින් මෙය පළුදුවන ආකාරයේ තීන්දු, තීරණ ගැනීම නොවිය යුතු බවද සඳහන් කරමි...
අපේ ප්‍රබලම අභියෝගය වෙලා තිබුනේ ආර්ථිකය ස්ථාවර කිරීම තමයි. අපි ඒක කළා දෙයියෝ ශාක්ෂි කියනවා.. අවුරුදු 76 ක් කාපු රටේ මාසයක් වත් ගත නොවී ආර්ථිකය ස්ථාවර කළා කිව්වාම මට නම් කැරකෙනවා වගේ දැන්නවා. තුන් දෙනෙක් ඔහොම කැරකෙව්වා නම් තුනෙන් දෙකේ ආණ්ඩුව ලැබුනොත් කොහොම කරකවයිද කියලා තමයි හිතාගන්න බැරි නුවනැත්තෝ සිතත්වා...!
බාලදක්ෂ ව්‍යාපාරය බලවත් කරන්න සතොස වැඩි දියුණු කර වගාකිරීම, බෙදා හැරීම ක්‍රමවත් කරන්න. පෝලිම ඉවසීමෙන් තමාගේ වාරය එනතුරු ඉවසීම පුරුදු කරන්න.
ඡන්දයක් ළං වෙනකොට මේගොල්ලන්ගේත් එකම බයිලාව තමයි...!
උගන්ඩාවෙ ඩොලර් වගේ වෙයි...
බදු වැඩිකරලා පඩි වැඩි කරන්න එපා. කිව්ව විදිහට ඉන්ධන මිල රුපියල් 150/= න් අඩු කරලා ලක්ෂ දෙසිය විස්සටම සෙත සලස්වන්න. කටට එන සියලු බොරු කියන ක්‍රමය අත්හරින්න. අප ඔබට ගරු කරනවා...
දැන් ඕක කියලා මහමැතිවරණය පරාජයට පත්වෙනවා එහෙම නොවෙයි හිටපු ජනාධිපති මුලින්ම කිව්වා ජනවාරියේ වැටුප් වැඩිකරනවා කියලා පරාජයට පත්වුණා. ඉතින් ඔබතුමාට එහෙම වෙන්න කැමැති නම් වැටුප් වැඩිකරන්න කොහොම වුණත් ඕවා කරලා නම් හරියන්නේ නැහැ. 2027-28 වෙනකොට රටේ නඩත්තුව හා ණය ගෙවන්න මුදල් සොයාගන්න බැරි වුනොත් සොරිම තමයි...
ජනපතිතුමනි, පෙර පාලකයින්ගේ දිගු කාලීන සැලැස්මක් නොමැතිකම නිසා හා පොල්ගස් වතුපිටින් කපා ඉඩම් ගොඩ කිරීමට අවසර දීම නිසා තමයි අද පොල් ගෙඩියක මිල 150-200 අතර පවතින්නේ. අපට අවශ්‍ය දැන් නිෂ්පාදන ආර්ථිකයක්. මිනිසුන්ට ඔ්න ඉක්මන් සහන. අනික දැනට ණය ගන්නැතුව ආර්ථිකය ගොඩ ගන්නත් බැහැ. නමුත් ගත්ත ණය වලට වටිනාකමක් දී විනිවදභාවකයින් ඒම ණය මුදලින් දේශය නිෂ්පාදන වැඩිකිරීමට කටයුතු කළ යුතුවේ. ජනපති ලෙස දිවුරුම් දී මාසයක් ඇතුළත බිත්තර, පොල්, හාල් නිෂ්පාදනය වැඩි කරන්න බැහැ. ඒවැනි නිෂ්පාදන වැඩි කිරීමට අඩුම තරමින් මාස 06 ක් වත් ගතවේ. එනිසා බංගලොත් දේශපාලකයින්ගේ මඩ ප්‍රචාර වලට සැලැන්නැතුව රටක් වශයෙන් අපි ඉදිරියට යමු.
ඡන්දය ගන්න රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා කිව්වාට වැඩි කරන්න එපා. රාජ්‍ය සේවය මේ රටට ලොකුම බරක්. සාධාරණ සේවයක් කරන්නේ ත්‍රිවිධ හමුදාව පමණයි. පොලිසිය ඇතුළු අනෙක් සේරම පල් හොරු...!
වැඩිකරනවා කිව්වේ නැහැනේ... අවදානය යොමුකරනවා කියලයි කිව්වේ...! පාසල් සිසුන්ට දැනටමත් රනිල් සැලසුමේ ආධාරත් ලැබෙනවා.. ආබාධිත අයටත් ආධාර දෙනවා. අස්වැසුම ලබාදෙනවා... මෙයත් එලෙසම වගේ බොරු වපුරා ... අස්වැන්න තාවකාලිකයි.