IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


පීපල්ස් ලීසිං Fitch A+(lka) ශ්‍රේණිය තවදුරටත් තහවුරු කරගනී

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අනාගත ස්ථාවරත්වය සලකා බැලීමෙන් අනතුරුව Fitch Ratings ආයතනය A+(lka) ශ්‍රේණිගත කිරීම පසුගියදා නැවත වරක් තහවුරු කළ බව නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියයි.

පීපල්ස් ලීසිං සමාගම ආයතනික හා මූල්‍ය ස්වභාවය මගින් ජාතික ශ්‍රේණිගත කිරීම් හිමි කරගත් සමාගමකි. ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය හා ලීසිං සමාගමක් ලෙස (FLC) පීපල්ස් ලීසිං සමාගම ස්ථාවර ගනුදෙනුකරණ බලයක් හිමි සමාගමක් වන අතර වසර 2021 මාර්තු 31 අවසානය වන විට එම සමාගම සමස්ත මූල්‍ය හා ලීසිං සමාගම් ක්ෂේත්‍රයෙහි සියයට 12ක වෙළෙඳපොළ කොටසක් හිමිකරගත් සමාගමක්ද වේ.

ගෝලීය වසංගත තත්ත්වය හමුවේ වුවද පසුගිය මූල්‍ය වර්ෂය තුළ පීපල්ස් ලීසිං සමාගම පෙන්නුම් කළ විශිෂ්ට මූල්‍ය ක්‍රියාකාරීත්වය මෙම ශ්‍රේණිගත කිරීම  පිරිනැමීමට ඉවහල්වන්නට ඇත. වසංගත තත්ත්වය යටතේ පසුගිය කාලසීමාව තුළ ආපදා නියාමනයන්ට සහයෝගය දක්වමින් හා ඒවාට අනුකූල වෙමින් නැවත අයකරගැනීම් හා ණය ක්‍රියාවලිය ඉතා ප්‍රශස්ථ මට්ටමකින් පවත්වාගත් සමාගමක් ලෙස පීපල්ස් ලීසිං සමාගම හඳුන්වා දිය හැක.

පීපල්ස් ලීසිං සමාගමේ මූල්‍ය මූලධර්ම සේම ස්ථාපිත උපායමාර්ගයන්වල ඵලදායිතාව ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සමඟ බැඳුණු ආයතනික කළමනාකාරීත්වයේ දැක්ම තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම ශ්‍රේණිගත කිරීම එම සමාගමට දැඩි රුකුලක් වනු ඇත.



අදහස් (0)

පීපල්ස් ලීසිං Fitch A+(lka) ශ්‍රේණිය තවදුරටත් තහවුරු කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 359 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 102 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 790 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site