
(ඉන්දික අරුණ කුමාර)
රාත්‍රි කාලයේ නාඋල ප්‍රදේශයේ මුර සංචාරයක දී රථ වාහන සෝදිසියක දී පුපුරණ ද්‍රව්‍ය රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
අද (18) අලුයම තුනට පමණ නාඋල සිට නිකුල දෙසට ධාවනය වු ත්‍රී රෝද රථයක් පරික්ෂා කිරිමේ දී අඩි තුනක් දිග ඩෙටනේටර් සහිත රතු පැහැති සේවා නූල් පහක්,අගල් අටක් දිග වෝටර් ජෙල් කුරු තුනක්,අඩි දෙක - දෙක හමාරක් හා සෙ.මී. 28 විශ්කම්බයක් ඇති විදින වානේ කටු එකක් හා නිල් හා ගුරු පාට ඔතන ලද මීටර් පනහක් දිග වයර් රෝලක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඉහත උපකරණ සමග ගමන් ගත් සැකකරුවන් සිවි දෙනෙකු ද සැක පිට අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් නාඋල,පුස්සැල්ලෑව.උඩතලවින්න සහ වත්තේගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 50,49,38ආදී වයස් වල පසුවන්නනන් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට බේරාගැනීමේ අවසන් අවස්ථාව නාමල්ට ඡන්දෙ දෙන්න වෙයිද?
ගල් කොරියක් කරන වෙඩිබෙහෙත් ලයිසන් ගත නොහැකි දුප්පත් මිනිස්සු ටිකක් ලයිසන් තියෙන කෙනෙක්ගෙන් වැඩි ගාණකට බඩු ටිකක් අරන් යනවා ගලක් කඩා ගන්න. ටී පනස්හය සෙල්ලම් බඩු වගේ හැම තැනම තියෙන රටේ ඩයිනමයිට් එකකුයි, වෙඩි නූලකිනුයි මිනිහෙක් මරන්න යන ගෝතයෙක් නැහැ...