
(දයාරත්න ඇඹෝගම)
බලපත්‍ර නොමැතිව මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එකේ කණුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව පදවිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හිදෝගම සහ අනුරාධපුර පදිංචි 28,32 වියේ පසුවන හෝටල් හිමියෙකු සහ රියදුරෙකි.
සැකකරුවන් විසින් මෝටර් රථයෙන් ප්‍රවාහනය කරමින් තිබු ඇමෝනීයා කිලෝ 75 ක්,සේවා නුල් මීටර් 500 ක්,ජෙලිග්නයිට් කරල් 90ක්,ඩෙටනෙටස් 300 ක් පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබේ.
මොවුන් මෙම පුපුරන ද්‍රව්‍ය තොගය අනුරාධපුර,ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ගල්වලක සිට පදවිය ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් තිබු බවද පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයගේ නම් ගම් හෙලි කළොත් ජනතාවට මීට වඩා අවදියෙන් ඉන්න පුළුවන්...!