(කාංචන කුමාර ආරියදාස)

කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට ප්‍රධානතම හේතුව ඇසුරුම් සදහා උසස් තත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීමත්, ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීමත් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති.

දිවයිනේ තැන තැන රජය විසින් ගොවීන්ට නොමිලේ ලබාදෙන දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමේ සිද්ධීන් රැසක් වාර්තාවිය , පොළොන්නරුව දිස්ත්‍රික්කයට වී සහ අතිරේක බෝග සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ගොවීන්ට නොමිලේ ලබාදෙන කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ස්ථානය සොයා ගිය අවස්ථාවේදී එහි නිෂ්පාදකකරුවන් මේ බව සඳහන් කළහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය දියර පොහොර හබරණ තරැස්කොටුව ප්‍රදේශයේ නිෂ්පාදනය කරනු ලබයි.මෙම ස්ථානයේ සිදු කෙරෙන ක්‍රියාදාමය පිළිබඳව මෙන්ම ජනතාව නඟන චෝදනා පිළිබඳව එහි හිමිකරු සහ කළමනාකරුවන්ගෙන් සේවකයන්ගෙන් කරුණු විමසීමදී කළ ප්‍රකාශයය් මේ.

රජයේ සහනාධාර යටතේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ බෙදාහරින කාබනික දියර පොහොර ආයතනයේ හිමි හිමිකරු සි .පි . නාගොල්ලේ ගෙදර මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මෙවන් දෙයකි. පොලොන්නරුව දිස්ත්‍රික් ගොවීන් සඳහා මෙම දියර පොහොර රජයට ලබා දීම සිදු කරන්නේ මමයි. ඉතා වගකීම්කින් පරිශ්‍රමයක් දරමින් සීයට සීයක් කාබනිකව දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන මෙම උසස් තත්වයේ කාබනික දියර පොහොර ය නිෂ්පාදනය මා නිෂ්පාදනය කරනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉවත ලන මුහුදු මාළු කොටස් හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ පිහිටි මෙම නිෂ්පාදනාගාරයට රැගෙනවිත් ඒවා කුඩුකර දියර බවට පත්කරමින් මාසයක පමණ කාලයක් මෙම ස්ථානයේ විශාල ප්ලාස්ටික් බැරල් වල තබා තවත් අමු ද්‍රව්‍ය රැසක් එක් කරමින් මෙම දියර පොහොර නිපදවන බව ද එමෙන්ම ඒවා ඒ සියලු තත්ත්ව පරික්ෂා කිරීම් සිදු කොට වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුවව ගොවි සංවිධාන වෙත නිකුත් කිරීම් සිදුකරන බව මෙම ආයතනයේ කළමනාකරු අසංක සමරසේකර මහතා අප සමඟ පැවසීය.