(ඉන්දිකා රාමනායක)
වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයේ ඉකුත් (7) දැනි පැවති පාපන්දු තරඟයක් අතරතුර ඇති සිසු ගැටුමකට සම්බන්ධ සිසුන් පිරිසකට ප්‍රතිප්රයහාර එල්ල කිරිමේ අරමුනින් බොරුල්ල බන්ධනාගාර අසල රැක සිටි පාසල් සිසුන් 19 ඇතුළු විසි දෙනකු අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි
අත්අඩංගුවට ගත් 20 අතර 19 පාසල් සිසුන් බවත් සෙසු පුද්ගලයා පිටස්තර අයෙකු බවත් සිසුන් මරදාන සහිරා විදුහලේ පිරිසක් බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොවුන් සතුව පොලු මුගුරු තිබු බවද පොලිසිය කියයි.
බොරැල්ල වෙස්ලි සහ මරදාන සහිරා විදුහල් අතර ඉකුත් (7) දින කුරේ ක්‍රීඩාංගනයේ පැවති අතරය අතර තුර ඇති වු සිසු ගැටුමෙන් සිසුන් 10 ක් තුවාල ලබා ක`ථබෝවිල රෝහලට ඇතුළත් තර තිබුණි. මෙහිදී සිසුන් පිරිසක පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලු මුගුරු රැගත් සිසුන් පිරිසක් වෙස්ලි විදුහල් ආසන්න හා බන්ධනාගාරය ආසන්න සැකකටයුතු ලෙස රැදී සිටින බවට බොරැල්ල පොලිසියට ලද තොරතුරකට අනුව පෙරේදා (11) මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාපන්දු පිටියේ ගුටි කෙළියෙන් පසු රිටර්න් දෙන්න ආ 20 ක් දැලේ
Bunny Preena Monday, 14 August 2023 12:38 PM
කිසිම ක්‍රීඩාවකට නුසුදුසු කිසිම විනයක් නැති පුද්ගලයින් ක්‍රීඩකයින් සහ ක්‍රීඩාශීලීත්වයේ හරය නොදන්න අන්දයින් සහ තුට්ටු දේකෙ මොඩයින් පිරිසක් ක්‍රීඩා ලොලීන්, ආදාර කරුවන් උනහම සිදුවෙන අතුරුපල තමයි මෙවනි සිදුවීම්.