IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


පාපන්දු ගෝල් බටයෙන් අවසන් ගමන් ගිය ශිෂ්‍යත්ව හපනා

(චාපා මධුභාෂිණී)

පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස්දමන මහා විද්‍යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිලක යකඩ බටයක් කඩා වැටීමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බීඕපී 317 අංක 246, තල්පොත ලිපිනයේ පදිංචි එම්.කේ.ජී. දෙනුවන් සේනාරත්න නමැති පලුගස්දමන මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

සිය වැඩිමහල් සොහොයුරියගේ පුහුණුවීම් ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට සඳහා මව ද සමග සමග මෙම දරුවා තෝපාවැව මහා විද්‍යාලයට ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ක්‍රිඩා පිටියේ මැදට වන්නට මෙම පාපන්දු ගෝල සැකිල්ල රඳවා තිබී ඇති අතර තරගාවලින් පැවැත්වීම සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් පිරිසක් එක්ව මෙම පාපන්දු ගෝල සැකිල්ල ඔසවාගෙන යමින් සිටියදී දිරාපත්ව තිබූ ස්ථානයකින් යකඩ බටයක් කැඩී මෙම දරුවා මතට කඩා වැටී ඇතැයි මෙතෙක් සිදු කළ මූලික පරික්ෂණවලින් අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.

සිසුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ සමාර්ථ ලබාගත් සිසුවක් බව සඳහන් වන අතර දරුවාගේ ශරීරයේ කොටස් වෙනත් ආබාධිත දරුවකුට ලබා දීමට මවුපියන් කැමැත්ත පළ කර ඇතැයි ද වාර්තා වේ. 

 

(චාපා මධුභාෂිණී)

පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයේ ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට ගිය පලුගස් දමන මහා විද්‍යාලයේ සිසුවකුගේ හිස මතට පාපන්දු ගෝල සැකිල්ලක් කඩා වැටීමෙන් අනතුරට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ බීඕපී 317 අංක 246, තල්පොත ලිපිනයේ පදිංචි එම්.කේ.ජී දෙනුවන් සේනාරත්න නමැති පලුගස් දමන මහා විද්‍යාලයේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි.

සිය වැඩිමහල් සොහොයුරියගේ පුහුණුවීම් ක්‍රිකට් තරගාවලියක් නැරඹීමට සඳහා මව ද සමග සමග මෙම දරුවා තෝපාව මහා විද්‍යාලයට ගොස් ඇත.

දරුවාගේ හිසට බරපත තුවාල සිදුව ඇති බැවින් තරමක බරපතල තත්වයක් ඇතැයි රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.



අදහස් (4)

පාපන්දු ගෝල් බටයෙන් අවසන් ගමන් ගිය ශිෂ්‍යත්ව හපනා

රුවන් Thursday, 13 February 2025 01:58 PM

මම දන්නා පාසලක ළමයෙක් මැරුණා. ඔහොම අලුත්ම තාප්පය යටවෙලා. ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේම කොන්ත්‍රාත්තුව ගත්තු කෙනාත් නිදහස් පක්ෂයේ දැන් පොහොට්ටුවේ සමාජිකයෝ. හදපු තාප්පය තීරණය කරපු මිලට වඩා ගොඩාක් අඩුවෙන් බාල විදියට හැදුවේ. අන්තිමට නඩුවත් යට ගියා...!

:       1       10

ගුණරත්න Thursday, 13 February 2025 05:41 PM

මේ තරම් ඉංජිනේරු මහත්වරු ඉන්න රටේ පාසල් පරීක්ෂා කරලා අවදානම් ස්ථාන අඳුරාගෙන ඒවා පිළිසකර කරන්නේ නැත්තේ ඇයි? පාසලේදී අනතුරු වෙලා එක ළඟ දරුවන් කිහිපදෙනෙක් මිය ගියා. එක ඉතාම නරක දෙයක්...

:       0       25

AjithFriday, 14 February 2025 02:50 PM

මම ලංකාවේ බිහිවෙච්චි ඉංඡිනේරුවෙක්. දැන් ඉන්නේ විදේශ රටක. ලංකාවේ හරි ප්‍රමිතියකට වැඩ කරනවා හරි අඩුයි. මේ වගේ අවාසනාවන්ත විදියට අනතුරු වලින් ගොඩක් දෙනා මරණයට පත්වෙන්නේ එකයි. නැතුව ගෙනාපු ආයුෂ ඉවර වෙලා නොවෙයි...

:       0       0

Udhuli Friday, 14 February 2025 01:23 PM

පුතණුවනි, ඔබට නිවන් සැප ලැබේවා. අකල් මරණයකට මින් මතු ගොදුරු නොවේවා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 487 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17057 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 680 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site