(සුමිත් පොතුපිටිය)
පාපන්දු ක්‍රීඩා කරමින් සිටි ක්‍රීඩකයෙකු ඊයෙ රාත්‍රි හදිසියේ ඇදවැටී මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය කීය.
මෙසේ මියගොස් ඇත්තේ පානදුර හොරේතුඩුව ශ්‍රීමතී පාර ප්‍රදේශයේ පදිංචිව මොහොමඩ් ෆිර්දව්ස් නැමැති 41හැවිරිදි තිදරු බව පොලිසිය පවසයි .
අද රාත්‍රි පානදුර උතුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ ගාලුපාරේ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාගාරයක ක්‍රීඩා කරමින් සිටී පුද්ගලයා හදිසියේ අසනීපව ඇදවැටී පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බවත් රෝහල් කිරීමේදී මියගොස් ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා පානදුර මූලික රෝහලේ තැන්පත් කර තිබේ.
පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd