ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවසන් කටයුතු ලබන 26 වැනි සෙනසුරාදා දින සිදු කරන බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
සාමාන්‍යයෙන් පාප්තුමකුගේ අවමංගල කටයුතු වඩාත් විචිත්‍රවත්ව සාම්ප්‍රදායිකව සිදු කෙරෙන අතර, ඉතා චාම් සරල දිවි පැවැත්මකින් හෙබි පළමු ෆ්‍රැන්සිස් පාප් තුමන් ඉල්ලා ඇත්තේ ඔහුගේ අවමංගල කටයුතු ද ඉතා චාම් අයුරින් සිදු කරන ලෙසය.
මෙතෙක් සිටි සෑම පාප් වහන්සේවරයෙකුම මිහිදන් කර ඇත්තේ සයිප්‍රස්, ඊයම් සහ ඕක්වලින් සෑදු මිනී පෙට්ටියක වුවත්, පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉල්ලා ඇත්තේ, සරල ලී පෙට්ටියක් තමන්ගේ දේහය තැන්පත් කරන ලෙසය.
ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය මිහිදන් කිරීමට ද නියමිතව ඇත්තේ උන් වහන්සේ වඩාත් ප්‍රිය කළ රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේ දීය. ඒ, සියවසකට අධික කාලයක් පැවති සම්ප්‍රදාය වෙනස් කරමින්ය. ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාව වතිකාන භූමියෙන් පිටත, ඉතාලියේ රෝම අගනුවර ටර්මෙනි ප්‍රධාන දුම්රියපොළ අසළ පිහිටා ඇති නමුත්, එම භූමියේ හිමිකම පවතින්නේ වතිකානය සතුවය.
(ඒ.එෆ්.පී.)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා