IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ ප්‍රකාශ කළාය.

එසේම පැරිස් නුවර ස්ථානයක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නමින් නම් කිරීමටද නගර බලධාරීන් තීරණය කර තිබෙන බවද ඇය පැවැසුවාය. එසේම 88 හැවිරිදි පාප් වහන්සේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් ලෙස දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරන බවද ස්පාඤ්ඤ අධිකරණය අමාත්‍ය ෆීලික්ස් බොලානොස් ප්‍රකාශ කළේය.

යහපත් මිනිසෙකුගේ සහ ශ්‍රේෂ්ඨ පාප්වරයෙකුගේ අභාවය පිළිබඳ ස්පාඤ්ඤය ශෝකය ප්‍රකාශ කරන බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉතිහාසයට උරුමයක් කර ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.

පලස්තීන අධිකාරියේ සභාපති මහමුද් අබ්බාස්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තෙවැනි චාල්ස් රජු සහ රැජින මෙන්ම ජීවත්ව සිටියදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහි වූ රාජ්‍ය නායකයෝද උන් වහන්සේට ගෞරව කරමින් ශෝක පණිවුඩ නිකුත් කර තිබිණ.



අදහස් (4)

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි

Nandalal de Silva - France Monday, 21 April 2025 09:10 PM

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර 6ක් ලැබූ මේ පාස්කු සතිය දුක්බර එකක් බව නොකියා බැරිය. AKD රජය මේ අවස්ථාව වෙනුවෙන් ගන්න පියවර ගැන කිතුණු ජනතාව බලා සිටිනවා. බොහෝ දෙනෙක් විශේෂ නිවාඩු දිනයක් බලාපොරොත්තු තබා සිටිනවා.

:       0       0

බකල ජයා Monday, 21 April 2025 10:05 PM

අයිපල් කණුව පත්තු කලොත් අගෞරවයක් වෙන බව දැනගත්තේ දැන් තමයි.

:       0       0

Shelton Tuesday, 22 April 2025 06:01 AM

ඩඩ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වූ දින එවකට තිබූ සිරිමා මැතිණියගේ වාමාංශික රජය ඩඩ්ලි මහතාට ගෞරවයක් ලෙස එදින රාත්‍රියේ මුළු කොළඹ නගරයේම විදුලි ආලෝකය නිවා දැමූ හැටි අද වගේ මතකයි.

:       3       0

ජිල්බු Tuesday, 22 April 2025 01:32 PM

එච්චර ගෞරවයක් දැක්කුවද? කවුරුත් බය උනේ නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site