
(සුජිත් හේවාජුලිගේ )
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මිය නඩත්තු කිරීම සඳහා වසර තුනකදී(2022-2024) රුපියල් කෝටි 27 ක් පමණ වැය කර ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය.
මෙම පිරිස නඩත්තුවට පසුගිය 2022 වර්ෂයේ දී වැය කර ඇති මුදල රුපියල් කෝටි හතකි. 2023 වර්ෂයේදී එය කෝටි අටකට වැඩි මුදලක් දක්වාද මේ වසර වනවිට එය කෝටි 11කට වැඩි මුදලක් දක්වාද වර්ධනය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මෙම හිටපු ජනාධිපතිවරුන්ට සහ හිටපු ජනාධිපති ආර්යාවට වෙන්කර ඇති මුදල් ප්‍රමාණයේ සියයට 45 ක පමණ වර්ධනයක් පෙන්නුම් කරන බවද මහාචාර්යවරයා කීය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට මේ වසරේදී රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂ හැත්තෑ දහසක මුදලක් වෙන්කර ඇත. හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සීරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් වෙනුවෙන් දෙකෝටි අනූ එක් ලක්ෂ හැත්තෑ දහසක මුදලක් බැගින් වෙන් කර ඇති බව පවසන මහාචාර්යවරයා හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට මේ වසරේ රුපියල් හැට අට ලක්ෂ විසි දහසක මුදලක් වෙන්කර ඇතැයිද ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට වෙන්කරන ලද මුදලේ සියයට 273ක වැඩිවීමක් පෙන්නුම් කරන බව පවසන අතුකෝරල මහතා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට වෙන්කර ඇති මුදලේ සියයට පනස් හතරක වැඩි වීමක්ද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙන්කරන ලද මුදලේ සියයට 329ක වර්ධනයක්ද පෙන්නුම් කරන බව සඳහන් කළේය.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස මහත්මියට වෙන්කර ඇති මුදල් වල සියයට101 ක වර්ධනයක් පෙන්නුම් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර මේ වසරේ ජනපති ඇතුළු කාර්ය මණ්ඩලය වෙනුවෙන් අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 660කි
2022 වර්ෂයේ දී එම වියදම සටහන්ව තිබුණේ කෝටි 273 ක් වශයෙනි. 2022 වර්ෂයේදී එම සංඛ්‍යාව කෝටි 660 ක් දක්වා වැඩි වී තිබිණ.
ජනාධිපතිවරුන්ට වෙන් කෙරෙන මුදලේද සියයට 142 ක වැඩිවීමක් පෙන්නුම් කරන බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් නම් එන ආත්මයක කුඹියෝ වෙලා ඉපදෙන්නේ. රට බංකොලොත් කලාට
හිටපු එකෙකුටවත් කිසිම පැන්ෂන් එකක් දීමට අවශ්‍ය නැහැ.බලයේ ඉන්න කාලේ හොන්දට හම්බ කරගත්තා. උන්ට බලයට එන්ඩ ඡන්දේ දීපු ජනතාව අද නොවිදිනා දුක් වින්දිනවා .
මොවුන්ට තියෙන නඩු ඉක්මනින් ඉවර කරලා අත් අඩන්ගුවට ගන්න. වලපයයි ගොඩ පයයි තියන් ඉන්නේ මොවුන්ට එහෙම කරන්න බැරිනම්. මී පාසානම් දුන්නානම් ඉවරයි. මොවුන් රට කරනකොට සැප කෑම කාලා ජනතාවට දුන්නේ වසවිස. කාලකන්නි හොර මිනීමරුවෝ. කෝටි ගණනින් මොවුන් මොනවා කෙරුවාටද නාකිමයිනා රටෙන්මුදල් දේපල සේරම හොරකම් කරලා නූගත් පුත්තුන්ට දුන්නා. පොඩි මයිනා ප්‍රසිද්ධියේ කියන්නේ තියෙන වත්කම් උගත් කමක් නැති මී හරකා මන්ත්‍රි වැටුපෙන් කොහොමත් මිලියන ගණනින් මුදල් රත්තරන් මැනික් ගන්නේ. මොවුන් සේරම හොරකම් කරලා මිනීමරපු නිසානේ රටින් පැන්නේ. පවුලේ අය. වහාම නතරකරලා. මොවුන්ට කඩේයන්න කවුරුත් නැහැ දැන්...
මොවුන්ට තව ටිකක් වැඩියෙන් ගෙවන්න තිබුණේ..!
අනවශ්‍ය වියදම් වහාම කපා හරින්න.
ඔය දිමනාව විශාම වැටුපට අමතරව නේද?
මහාචාර්යතුමෝ , තරුණයෝ 60,000ක් මරන්න දෙවතාවක් කැරැලි ගහපු, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුවත් නොවුණු විජේවීරගේ දරුවොයි, පවුලයි අවුරුදු 20 කට වඩා නඩත්තු කරන්න ශ්‍රී ලංකා රජය කොච්චර වියදම් කරාද කියලත් හොයලා බැලුවනම් හොඳයි !
යකෝ මුන් නඩත්තු කරනවාට වඩා වැඩක් නැ නේ අපිට
කරුණාකර ප්‍රතිචාර දැක්වීමේ ('ලයික්ස්'/'ඩිස්ලයික්ස්') යාන්ත්‍රණය නිවැරැදි කිරීමට පියවර ගන්න. අප්‍රසාදය පළ කළ විට ප්‍රසාද තුනක් ස්වයංක්‍රීයව එකතු වේ...!
ඇමැතිලාට (මන්ත්‍රීලාට තියෙනවද දන්නේ නැහැ) තමන්ගේ පුද්ගලික ලේකම් සහ වෙනත් ස්ථාන 5ක් පත්කරගෙන ඒ පස් දෙනාට පාර්ලිමේන්තුව අවසානයේ විශ්‍රාම වැටුපක් ද දෙන ක්‍රමයක් තියෙනවා. ඊළඟ පාර පාර්ලිමේන්තු ආවොත්, ඒ අයම පත්වුනොත්, pension දෙකක් වෙනවා. දැනටත්. බහුතර පාර්ලිමේන්තු සාමාජිකයින් සහ පවුලේ ලඟම නෑයින් pension දෙකකට වැඩිය ගන්නවා. එහෙම තමයි මුන් මුන්ගේ ගොඩ වැඩි කරගෙන තියෙන්නේ - මේ සියල්ල වහාම නැති කරන්න ඕනේ...
එක පෑන් පහරින් ඕවා ගෙවන එක නවත්තන්න බෑ..ඔය ගෙවීම් කරන විශ්‍රාම ජනාධිපතිවරුන් නඩත්තු කිරීමේ පනත පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් අහෝසි කළ යුතුයි..එසේ කිරීමට නම් ජනතාව ඊළඟ මහ මැතිවරණයෙන් මාලිමාවට බහුතර බලයක් දී ඊළඟ ආණ්ඩුව පිහිටුවීමට වගබලා ගත යුතුයි..
මම නම් කියන්නේ සියලුම පැන්ෂන් දීමනා අහෝසි කරන්න ඕනෑ කියලා. නිලධාරීන් ඇහුලුවා. දේශපාලකයෝ ගානටම රජයේ නිලධාරීන් හොරකම් කරනවා. ඉතින් තව පැන්ෂන් මොකටද? සමෘද්ධි, අස්වැසුම වගේ විවිධාකාර නම් වලින් දෙන දීමනාත් අහෝසි කරන්න ඕනෑ. අස්වැසුම දීමනාකරුවෝ කුරුඳුවත්තේත් ඉන්නවා කියලා පත්තරේ තියෙනවා දැක්කා. මිනිස්සු වැඩක් කර වැටුපක් උපයා ගන්න ඕනෑ, ඒ වැටුපෙන් විශ්‍රාම ජීවිතය ගත කරන්නත් වැඩ පිළිවෙලක් හදාගන්න දැනගන්න ඕනෑ.
වවාගෙන කන තනතුරක් කරගෙන මෙයාලා හිටියේ.. පවුලේ සෙට් එක පිටරට තානාපතිවරු කරලා. මහින්දගේ පවුලේ ගොඩක් හිටියා. තවමත් ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් කොන්සල් ජෙනරල් මිනිහගේ මස්සිනා ඔහොම තම රට කර සුදුස්සාට සුදුසු තැන් දුන්නේ නෑ..
මේ අයගේම සුජාත දරුවන් නැත්ද බලාගන්ට?