
(යොහාන් භාසුර)
පාන්වල මිල තීරණය කිරීමට මිල සූත්‍රය හදුන්වා දෙන ලෙස කිරුම් මිනුම් පරීක්‍ෂකවරුන්ගේ වෘත්තිය සමිතිය රජයෙන් ඉල්ලා තිබේ.
බේකරිකරුවන් සහ වෙළෙඳුන් අභිමතය පරිදි පාන් මිල ඉහළ දැමීමට පිළියමක් ලෙස මෙම යෝජනාව ඉදිරිපත් කළ බවත් තිරිඟු පිටි මිල, නිෂ්පාදන වියදම සහ ප්‍රවාහන වියදම් ආදි පිරිවැය සහ ලාභ කොටසක් ඇතුළත් වන ලෙස පාන් මිල සූත්‍රය සකස් කරන ලෙස ඉල්ලා සිටින බවත් කිරුම් මිනුම් පරීක්‍ෂකවරුන්ගේ වෘත්තිය සමිතිය පවසයි.
පාන් නිෂ්පාදනය ආඥාාපනක් අනුව ක්‍රියාත්මක වන්නක් හේතුවෙන් පාන් මිල සූත්‍රයක් සකස් කිරීමට නීතිමය ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කළ යුතු බව කියන කිරුම් මිනුම් පරීක්‍ෂකවරු ඒ සඳහා රජය මැදිහත් වීම අනිවාර්ය බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාන් නිෂ්පාදනය නිදහස ලැබීමට පෙර පනතක් අනුව සිදුවේ නම් කිසිම රසක් නැති පාන් හදන්නේ කොහොමද එම පනතේ පාන්වලට යෙදිය යුතු ද්‍රව්‍ය දක්වා ඇති නේද? ඒ ගැනත් බලන්න ඒ වගේම විකිණීමේදී පාන් ගෙඩියක් කියනවා වෙනුවට පාන් ග්‍රෑම් 250 ක් 500 ක් කිලෝවක් ඉල්ලන හා විකුණන ක්‍රමයක් හදන්න ඒවාට මිලක් නියම කරන්න.