(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුනරුත්ථාපනය වූ 17 හැවිරිදි බාලවයස්කරුවකු සහ තවත් පුද්ගලයකු තලංගම බණ්ඩාරවත්ත හන්දිය අසල දී සිදුකළ වැටලීම් දෙකකදී රුපියල් ලක්ෂ 7කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසියට පොලිසිය සඳහන් කරයි
සැකකරුවන් සමග ගංජා කිලෝ එකහමාරක් , අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්8 ක් හා මත්පෙති 380ක් පොලිස් භාරයට ගෙන ඇත
පුද්ගලයන් දෙදෙනකු මත්ද්‍රව්‍ය රැගෙන තලංගම බණ්ඩාරවත්ත හන්දියට පැමිණ ඇති බවට තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් අනුරුද්ධ මහතාට ලද තොරතුරකට අනුව දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කවිඳු සිරිවර්ධන මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් වැටලීම සිදුකර ඇත
17 හැවිරිදි බාලවයස්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ගෑම් දෙදහක් සහ මත් පෙති අත්අඩංගුවට ගත් බවත් අනෙක් සැකකරු සන්තකයේ තිබී ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සොයා ගත් බවත් පොලිසිය කියයි
මත්ද්‍රව්‍ය පානය ට දැඩි ලෙස ඇබ්බැහිව සිටින අත්අඩංගුවට ගත් 17 හැවිරිදි තරුණයා මීට වසර 2කට පමණ ඉහතදී පුනරුත්ථාපන කඳවුරක රඳවා සිට පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd