IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


පානීය ජලය දෙන්න ත්‍රෛ පාර්ශ්වික ගිවිසුමක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික ජනතාවට පිරිසිඳු පානීය ජලය සැපයීම සඳහා පර්යේෂණ කිරීමට ඉදිරි වසර තුනක කාලය සඳහා තාක්ෂණික, පර්යේෂණ සහ මූල්‍ය සහාය සැපයීමට ත්‍රෛ පාර්ශ්වික ගිවිසුමකට අද(18) චීන තානාපති කාර්යාලයේදී අත්සන් තැබිණ.

චීන විද්‍යා ඇකඩමිය, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූ පාර්ශව අතර විය.චීන විද්‍යා ඇකඩමිය වෙනුවෙන් ජල දුෂණය පාලනය කිරීමේ තාක්ෂණය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්ය වෙයි යුආන්සොන්ග්, ශ්‍රී ලංකාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ළමාවංශ සහ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

මෙම ගිවිසුමට අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉදිකර ඇති අග්නිදිග ආසියාවේ විශාලතම ශ්‍රී ලංකා චීන ඒකාබද්ධ ජල පර්යේෂණාගාරයට අවශ්‍ය තාක්ෂණික සහාය හා විශේෂඥ දැනුම චීන විද්‍යා ඇකඩමිය ලබා දෙනු ඇත.

ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග්, චීන විද්‍යා ඇකඩමියේ ජල දුෂණය පාලනය කිරීමේ තාක්ෂණය පිළිබඳ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ආචාර්ය වෙයි යුආන්සොන්ග්, ශ්‍රී ලංකාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ළමාවංශ, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ එම අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර යන මහත්වරුන් ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.



අදහස් (1)

පානීය ජලය දෙන්න ත්‍රෛ පාර්ශ්වික ගිවිසුමක්

n.rajapura Tuesday, 19 December 2023 09:04 AM

සිංහල අකුරු ඉංග්‍රීසි අකුරු දෙමල අකුරු චීන අකුරු ජාලයෙන් සිදීගොස්ය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site