
(සුමිත් පොතුපිටිය , සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර වලාන ප්‍රදේශයේ පවත්වාගෙන යන බාලිකා නිවාසයක ගැහැනු ළමයින් තිදෙනකු අද පස්වරුවේ පලාගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
එම බාලිකා නිවාසයේ පාලිකාව කළ පැමිණිල්ලක් මත අනුව පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.
පලාගොස් ඇති ගැහැනු ළමුන් තිදෙනා වයස අවුරුදු 13, 14 සහ 16 වියැති අයවලුන් බවත් , ඔවුන් බේරුවල , බිබිල සහ රාගම ප්‍රදේශයේ අයවලුන් බවත් සදහන් වේ.
ඔවුන් සන්තකයේ ජංගම දුරකථන තිබී දහවල් බාලිකා නිවාසයේ පාලිකාවට හමුව ඇති අතර, එහිදී ඇතිවූ කතාබහකින් පසු ජංගම දුරකථන පොලොවේ ගසා පලාගොස් ඇති බවද සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd