(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර දිසා විනිසුරු සඳහා වෙන් කළ නිල නිවස හොරු කඩා ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වන බව පානදුර දකුණ පොලිසිය පවසයි.
පානදුර දකුණ පොලිසියට ඊයේ (05) රාත්‍රි කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
දිසා විනිසුරු වරයා එම නිවසේහි පදිංචිව නොසිටින බවත්, නිළ නිවසේ විදුලි සහ ජල සැපයුමද විසන්දි කර ඇති බවත් සදහන් වේ.
විනිසුරු වරයා පදිංචිව නොසිටින බැවින් සහ ජලය හා විදුලිය නොමැති බැවින් ආරක්ෂක නිළධාරීන්ටද අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා ලබාදී තිබූ පොලිස් ආරක්ෂාවද මෑතක සිට ඉවත්කර ඇති බවද පොලිසිය පවසයි.
නිවසේ වටිනා පිත්තල සරනේරු තොගයක් ගලවාගෙන ගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය පවසයි .
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පානදුර දිසා විනිසුරුට වෙන්කළ නිළ නිවස හොරු කඩලා