IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පානදුර ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

(සුමිත් පොතුපිටිය )

පානදුර ප්‍රධාන ඇගළුම් කර්මාන්ත ශාලවක් ඉදිරිපිටදී ඉකුත් මැයි 31 රාත්‍රි   පුද්ගලයකු කපා කොටා  ඝාතනය කර සැගව සිටී ප්‍රධාන සැකකරු අද (13) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨශය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ජනප්‍රිය මාවතේ  පදිංචි 26 හැව්රිදි අයෙකු බව පොලිසිය කීය.

සැකකරු කතරගම ප්‍රදේශයේ නවාතැන් පලක සැගව සිටියදී අත්අඩංගුවට ගත්බව පොලිස් නිළධාරීයෙක් කීය.

සැකකරු එදින රාත්‍රී පානදුර හොරණ මාර්ගයේ ප්‍රසිද්ධ ඇගළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටදී , පානදුර,,මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටී සෙබස්තියන්ගේ මියුරු හසංජය නැමැති 23 හැවිරිදි අයට කඩු පහරවල් 8 ක් පමණ  එල්ලකර ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී ඇති බව පොලිසිය කීය. 

පහරදෙන අයුරු කර්මාන්ත ශාලාවේ ආරක්ෂක කැමරාවල පට්ගතව තිබු බවත් එහි දර්ශන උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

කළුතර අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂක (වැබ) සහකාර පොලිස් අධිකාරී ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ මෙහෙයවීමෙන්, උප පොලිස් පරීක්ෂක මධුෂාන්, සැරයන් වරුන්වන සමන්තිලක (41104), ප්‍රසන්න (69479), ජයසූරිය (69615) සහ පොකොරි ලසික (80123) යන නිළධාරීන්  වැටලීම කර තිබේ.



අදහස් (3)

පානදුර ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

fairoos Wednesday, 14 June 2023 02:07 PM

අඩු වයස නිසා ජනාධිපති සමාව ලැබෙයි... ලංකාවේ නීතියනේ...!

:       1       0

Bamunuarachchi Thursday, 15 June 2023 05:08 AM

ඊළඟ බෝම්බෙට ලැහැස්ති වෙනවා වගේ.

:       0       0

Mahaachaarya Thursday, 15 June 2023 10:57 AM

තවත් සේවාදායකයෙක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 391 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site