
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)
පානදුර රස්කින්දූව ප්‍රදේශයේ දී ජනතාවට පීඩාකාරි ලෙස උපන් දින සාදයක් පවත්වාගෙන ගිය නවාතැන් පලක් වටලා තරුණියක සහ තරුණයන් 21 ක් අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .
අවට ජනතාවට පීඩාකාරී අන්දමින් ඩී ජේ සංගීතයක් භාවිතා කරමින් සාදයක් පවත්වන බවට ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල් මහතා ට ලද තොරතුරක් මත නවාතැන් පල වටලා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන බවත් ඔවුන් 19 කු සන්තකයේ ඈස් නැමැති මත්ද්‍රව්‍ය කුඩා ප්‍රමාණයක් බැගින් තිබූ බවත් පොලිසිය කීය.
අරක්කැමි සහ ඩී. ජේ. සංගීත හිමිකරු සාදයට සහයවීම සම්බන්ධයෙන් ද තරුණිය ආරක්ෂාව සදහා පොලිස් භාරයට ගෙන ඇති බවත් , මව්පියන් කැදවා ඇය භාරදෙන බවත් උසස් පොලිස් නිළධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
696
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පානදුරේ කරදරකාරී සාදයක් වටලයි