
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් අද (27) රාත්‍රියේ වාරියපොල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ.
විරෝධතාවය සංවිධානය කර තිබුණේ ජාතික ජන බළවේගය විසිනි. පන්දම් දල්වමින් විරෝධතාවයේ යෙදුනු පිරිස කියා සිටියේ ජනතාවට ජීවත් වීමට නොහැකිව අසරණව ඇති බවයි.
මැති ඇමතිවරුන්ගේ විදුලිබිල් අසරණ ජනතාවට ගෙවීමට සිදුව ඇති බවද විරෝධතා කරුවෝ කීහ.
වැඩි කළ විදුලි බිල පහත දමා ජනතාවට සහන දෙනතුරු දිගින් දිගටම සෑම ප්‍රදේශයකම විරෝධතා පවත්වන බවද එහිදී විරෝධතාකරුවෝ පැවසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බිල නම් වැඩියි තමයි. හැබැයි මේවා බොරු විගඩම්... නිකම් පරිසරය දූෂණය කරන එකයි, කාලය කා දමන එකයි සාමාන්‍ය ජනතාවට අපහසුතා ඇති කරන එකට අමතරව මේවගේ වෙනත් ප්‍රතිඵල නෑ.
නිකං මෝඩ චූන් ගන්නැතුව ගෙදර යන්න. අඩු ගානේ භූමිතෙල් ටිකවත් ඉතුරු වෙයි. මේක ඔහොම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.