IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පන්දම් විරෝධය අද වාරියපොළ

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)

වැඩිවූ විදුලි බිලට විරෝධය දක්වමින් අද (27) රාත්‍රියේ වාරියපොල නගර මධ්‍යයේ පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්විණ.

විරෝධතාවය සංවිධානය කර තිබුණේ ජාතික ජන බළවේගය විසිනි. පන්දම් දල්වමින් විරෝධතාවයේ යෙදුනු පිරිස කියා සිටියේ ජනතාවට ජීවත් වීමට නොහැකිව අසරණව ඇති බවයි.

මැති ඇමතිවරුන්ගේ විදුලිබිල් අසරණ ජනතාවට ගෙවීමට සිදුව ඇති බවද විරෝධතා කරුවෝ කීහ.

වැඩි කළ විදුලි බිල පහත දමා ජනතාවට සහන දෙනතුරු දිගින් දිගටම සෑම ප්‍රදේශයකම විරෝධතා පවත්වන බවද එහිදී විරෝධතාකරුවෝ පැවසූහ.

 



අදහස් (2)

පන්දම් විරෝධය අද වාරියපොළ

රංබොඩ Saturday, 28 October 2023 10:02 AM

විදුලි බිල නම් වැඩියි තමයි. හැබැයි මේවා බොරු විගඩම්... නිකම් පරිසරය දූෂණය කරන එකයි, කාලය කා දමන එකයි සාමාන්‍ය ජනතාවට අපහසුතා ඇති කරන එකට අමතරව මේවගේ වෙනත් ප්‍රතිඵල නෑ.

:       0       0

විජිත හේවාවසම් Saturday, 28 October 2023 12:48 PM

නිකං මෝඩ චූන් ගන්නැතුව ගෙදර යන්න. අඩු ගානේ භූමිතෙල් ටිකවත් ඉතුරු වෙයි. මේක ඔහොම විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site