(ඩී. ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)
උපකාරක පන්තියකට සහභාගී වන බව නිවෙස්වලට පවසා අම්පාර උදයපුර ප්‍රදේශයේ පාළු නිවසක මත්පැන් පානය කරමින් සිටි තරුණියන් තිදෙනකු සහ තරුණයන් තිදෙනකු අත්ඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අම්පාර පන්නල්ගම සහ බක්මිටියාව ගම්මානවල පදිංචි අය වන අතර, ඔවුන් සියළු දෙනාම 18 හැවිරිදි වියේ පසුවන බවට අනාවරණයවී ඇත.
110 හදිසි ඇමතුම් සේවාවට ලද තොරතුරෙකට අනුව, අම්පාර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතාගේ උපදෙස් පරිදි සිදුකළ වැටලීමකදි මත්පැන් පානය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණියන් තිදෙනා සහ තරුණයන් තිදෙනා අම්පාර මහ රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරිමෙන් පසු බීමත්ව සිටි බවට තහවුරුවූ බව පොලිසිය සදහන් කරයි.
ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරිම්වල දී, ඔවුන් සියළු දෙනාම උපකාරක පන්ති සදහා සහභාගිවීමට අම්පාර පැමිණ ඇති බවත්, තරුණයන් රැගෙන එන ලද මත්පැන් සියළු දෙනාම එක්ව පානය කර ඇති බවත් අනාවරණයවී ඇත.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පන්ති කට් කර සිසු සිසුවියෝ හයක් පාළු නිවෙසක පාටියක් දාලා
Jagath Wickramasekara Monday, 26 June 2023 01:26 PM
ඔවුන් අවුරැදු 18 වැඩිනම් . ඔවුන්ට ඉඩ දෙන්න ඔවුන්ට අවශ්‍ය දෙයක් කරන්න.
himal Monday, 26 June 2023 04:14 PM
ඒ කියන්නෙ දැන් ගෙයක් ඇතුළේ ඉඳන් බිව්වත් පොලිසියෙන් අල්ලන් යනවද?
pakeer Monday, 26 June 2023 04:58 PM
මේවා සුළු දේවල්... ඔවුන් කණ්ඩායම් වශයෙන් බීලා මීට වඩා වැඩි දෙයක් කරාටත් කරන්න දෙයක් නැහැ... ඔවුන් වැඩිහිටියෝ නේ...
kotiya Tuesday, 27 June 2023 09:07 AM
ඉතින් මේ හය දෙනා අල්ලන ගිහින් පොලිසිය ගුටි කාලා නැද්ද? පොලීසියට දැන් ඉතුරු වෙලා තියෙන්නෙ ඉස්කෝලෙ යන උන්ගෙන් ගුටි කන්න විතරයි. ලගදිම ඒකත් වෙයි වගේ.
අමරනාත් Tuesday, 27 June 2023 03:48 PM
පොල්සියට පිස්සු ද. මේක සෞදි අරාබිය ද. වන්දි ඉල්ලා නඩු ගියොත් අතින් ගෙවන්න වෙයි.