
(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල පූනාගල ගල්බොක්ක ප්‍රදේශයේ නායයාමක් සක්‍රිය වී ඇති බැවින් එහි පදිංචි පවුල් 49 ක පුද්ගලයන් 202 දෙනකු ආරක්ෂිතව ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ.ප්‍රියංගිකා මහත්මිය කීවාය.
තේ වත්තක් ආශ්‍රිතව බෑවුම් සහිත ඉඩමක නායයාම සක්‍රිය වී ඇති අතර ඊට පහළින් පිහිටි නිවාස පේළියක පදිංචිව සිටි පිරිස් මෙසේ ඉවත් කර තිබේ.
මෙම නිවැසියන් පදිංචිව සිටි නිවාස පේළියද ඉරිතලා පුපුරා ඇති බවද ආපදා අංශය සඳහන් කරයි.
මෙම ස්ථානය පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූමි පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමට නියමිත බව ද පවසයි.
ඉවත් කළ පවුල් පුනාගල අංක දෙක දෙමළ විදුහලේ සහ ගල් බොක්ක දිවා සුරකුම් මධ්‍යස්ථානයේත් ඥාති නිවෙස්වලත් රඳවා ඇති බවත් ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබා දීමට සැලසුම් කර ඇති බවත් හල්දුම්මුල්ල ආපදා සහන සේවා නිලධාරී ජී. අයි. පුෂ්පකුමාර මහතා පැවසීය.
මේ අතර කොස්ලන්ද නාවුල්ල ප්‍රදේශයේ දී ද ඊයේ සිදුවූ නායයාමක් හේතුවෙන් පවුල් හතරක පුද්ගලයින් 16 දෙනෙකු ඉවත් කළ බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කේ. ඒ. ජේ. ප්‍රියංගිකා මහත්මිය වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd