
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පෑනක හැඩයකින් යුතු විදේශීය නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි බව කියන පුද්ගලයකු සහ එම ගිනි අවියේ අයිතිකරුද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගම්පහ යක්කල ප්‍රදේශයේ නිවසක් සෝදිසි කර අද (2)සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ගිනි අවිය 9 එම්. එම්. වර්ගයේ ජීව උණ්ඩ යෙදිය හැකි ආකාරයට නිෂ්පාදනය කර ඇති එකත් යැයි යැයිද පොලිස් විශේෂ කාර්ය බළකායේ උසස්පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ විශේෂ උපදෙස් මතවැටලීමක් සිදුකර මෙම ගිනි අවිය සමගසැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජගිරිය කඳවුරේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුරු ප්‍රදේශවලදී හමුවුනේ නම් ඩයස් පෝරා කියලා කියන්න තිබුණා...!