(මහින්ද නිශ්ශංක)
රජය මගින් වැට් බද්ද අඩු කිරීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉවත් කිරීමේ සහනය පාරිභෝගිකයාට ලබාදීම සඳහා පාන් හැර බනිස් සහ මාලු පාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදන වල මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.ආර් ජයවර්ධන මහතා පැවසීය.
රජයේ මෙම බදු සහන ප්රතිපත්තිය හේතුවෙන් බේකරි හිමියන්ට විශාල වශයෙන් සහන සැලසී ඇති බවද ඒ මහතා කීව.
මෙම බදු සහනය හේතුවෙන් කේක් කිලෝවක මිලද රුපියල් 50 කින් අඩුවන බව ඒ මහතා පැවසීය.
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල අඩුවීම හේතුවෙන් මෙම සහනය ජනතාවට සලසන ලෙස සියලුම බේකරි නිෂ්පාදකයිගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පාන් හදන්නේ හඳෙන් පිටි ගෙනැල්ලද? මොනවද මේ විහිලු? මේ ගොල්ලෝ කියනවා රුපියල් 5කින් මිල අඩු කරනවා කියලා. ඒ වුණාට කඩවල් 5කට ගියොත් එකම බඩුව ගණන් 5ක්... මාලු පාන් එකක් රුපියල් 30ටත් තියෙනවා... 80ටත් තියෙනවා.
මේ අර ඡන්දේ කාලේ විහිලු සැපයූ මහත්තයා නේද ? ආයෙත් විහිලුවක් කරලා වගේ. පාන් හදන්නේ වෙන මොනවා හරි වලින්ද ? මේ මනුස්සයා තව දවස් කීපයකින් තව විකාර කතාවක් කියයි.
පාන් නැතිනම් කේක් කන්න. රුපියල් 50 ක් ලාබයි .
බේකරියේ පාන් හැර වෙන මොනවාද අපි ගන්නේ කේක් ගණන්නේ
එතකොට බනිස්, මාළු පාන් වගේ ඒව හදන්නේ පාන් හදන පිටි වර්ගයෙන් නෙමෙයිද.
පාන් නැත්නම් කේක් කන්න කිව්වලු. මාළු පාන් රුපියල් 30 ටත්, 40 ටත්, 50 ටත් චූන් පාන්කාරයා දැනුත් විකුනනවා. මාළු පාන් පොඩි එකක් රුපියල් 15 ටත් තියෙනවා. කොයි එකේද කොහොමද මේ මිල අඩු කරන්නේ? මේකත් මහා බොරුවක්. අපේ වගේ බොහොමයක් ගෙවල් වල උදේට කන්නේ පාන්. කේක් නොවෙයි. ඒක නිසා ඔය කේක් වලයි මාළු පාන් මිලයි අඩු කරලා බේකරි කාරයින්ව පොහොසත් කරලා වැඩක් නැහැ. ග්රෑම් 350 ක් වත් නැති පාන් ගෙඩියේ මිල අඩු කරන්න. බදු අඩුවීම මහජනතාවට දැනෙන්නේ එතකොට නේද ?
ඔය කියන්නේ පාන් ගන්ට බැරි නම් කේක් කන්න කියා නේද?
වැට් බද්ද 7%කින් අඩු වුණාම මලුපාන්වල මිල රු 5කින් අඩු කරන්න පුළුවන්ද? බයිලා.